Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket විෂ්මි යළිත් ශ්‍රී ලංකා කාන්තා සංචිතයට

විෂ්මි යළිත් ශ්‍රී ලංකා කාන්තා සංචිතයට

editorial - 2022 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි-20 සහ එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා සංචිතයට මෙවර (2022) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී විෂ්මි ගුණරත්න කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

පොදු රාජ්‍යය මණ්ඩලීය සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක් ලෙස ක්‍රීඩා කළ විෂ්මි ගුණරත්න, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම හේතුවෙන් අවසන් වරට පැවැති පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි විය.

මෙම වසරේදී පැවැති අන්තර් පාසල් බාලිකා වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය පුරා විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ගම්පහ රත්නාවලී බාලිකා විදුහල් කණ්ඩායමේ නායිකා විශ්මි, තරග 8 කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 900 ක් රැස්කිරීමට සමත් වූවාය. පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී පොලොන්නරුව ජයසිරිපුර කනිෂ්ඨ විදුහලට එරෙහිව පන්දු 128 කදී හයේ පහර 29 ක් සහ හතරේ පහර 49 ක් සමග නොදැවී රැස්කළ ලකුණු 417 ද ඊට ඇතුළත් විය.

පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ඉමේෂා දුලානි, ප්‍රසාදිනී විරක්කොඩි සහ සචිනි නිසංසලා යන ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන අහිමි වී ඇත. ඔවුන් වෙනුවට එම සංචාරයේදී අතිරේක ක්‍රීඩිකාවන් ලෙස නම් කරනු ලැබ සිටි මල්ෂා ෂෙහානි, රෂ්මි ද සිල්වා, සත්‍යා සංදීපනී සහ තාරිකා සෙව්වන්දි යන ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේදී සංචිතයට කැඳවා සිටිති.

ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය මෙම මස 23, 25 සහ 27 යන දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එක්දින තරග 3 පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූලි මස 1, 4 සහ 7 යන දිනවල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.


ශ්‍රී ලංකා කාන්තා සංචිතය
චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, ඕෂධී රණසිංහ, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර, අචිනි කෞෂල්‍යා, හර්ෂිතා සමරවික්‍රම, විෂ්මි ගුණරත්න, මල්ෂා ෂෙහානි, අමා කාංචනා, උදේෂිකා ප්‍රබෝධනී, රෂ්මි ද සිල්වා, හංසිමා කරුණාරත්න, කෞෂානි නුත්‍යංගනා, සත්‍යා සංදීපනී සහ තාරිකා සෙව්වන්දි

 


අදහස් (0)

විෂ්මි යළිත් ශ්‍රී ලංකා කාන්තා සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.