Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches වීරවරියන්ගේ සටන 27 දා ගාල්ලේදී

වීරවරියන්ගේ සටන 27 දා ගාල්ලේදී

editorial - 2024 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 (කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

රත්ගම දේවපතිරාජ විද්‍යාලය හා වාද්දූව මධ්‍ය විද්‍යාලය අතර  වීරවරියන්ගේ සටන මංගල කාන්තා ක්‍රිකට් තරගය අප්‍රේල් මස 27 වැනිදා  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මේ තරගය ඕවර 90 කින් සමන්විත වන අතර මේ පන්දුවාර 90 තුළදී දෙවිදුහල අතර ඉනිම හතරම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

රත්ගම දේවපතිරාජ විදුහල් වත්මන් විදුහල්පති කේ.සෑම් ද සිල්වා මහතාගේ සහ වාද්දූව මධ්‍ය විදුහල් විදුහල්පතිනි නයනා දමයන්ති මහත්මිය ඇතුලු දෙවිදුහලේම නව සංකල්පයක් ඇතිව දෙපළාතක මිශ්‍ර පාසල් දෙක අතර මේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහි වාර්ෂික කාන්තා ක්‍රිකට් තරගය පැවැත්වීම සංවිධානය කෙරිණ.

මේ මංගල වීරවරියන්ගේ සටන මංගල තරගයේ දේවපතිරාජ විදුහල් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සුමුදු නිසංසලා මෙහෙයවනු ලබන අතර වාද්දූව මධ්‍ය විද්‍යාලයීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම මලිති අවිශ්කා මෙහෙයවනු ලබන්නීය.

රත්ගම දේවපතිරාජ විදුහලේ කාන්තා ක්‍රිකට් ආරම්භ කෙරෙනුයේ එවකට විදුහල්පතිව සිටි නලීන් සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2013 වසරේදීය. 2013 වසරේ ආරම්භ කෙරෙන දේවපතිරාජ විදුහල් ක්‍රිකට් කණ්ඩායම එය ආරම්භ කර වසරක් යන්නටත් මත්තෙන් 2014 වසරේ පැවති ජාතික කාන්තා ක්‍රිකට් ශූරතාවලියේදී අනු ශූරතාව හිමිකර ගන්නේ කාන්තා ක්‍රිකට් වලින් ඉදිරියටම යාහැකි බව පසක් කරන්නට මෙනි.

එය වඩාත්ම සාක්ෂාත් වන්නේ 2015, 2016, 2017, 2018, 2019 සහ 2020 යන වසර හයේම මෙන්ම 2023 වසරේදී ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමත් හා 2022 වසරේ එහි අනු ශූරතාවත් 2021 වසරේ එහි තෙවැනි ස්ථානයත් දිනා ගැනීමත් සමගමය.

මෙරට විදුහලක කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් මෙවැනි දස්කමක් මෙතෙක් දක්වා නැති අතර මේ වනවිට රත්ගම දේවපතිරාජ විදුහල විසින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට බිහිකර ඇති ක්‍රිකට් ක්‍රීඩිකාවන් ගණන හතකි. කවීෂා කල්හාරි, උමාෂා නිමේෂනී, සචිනි නිසංසලා, ඉමේෂා දුලානි, කාව්‍යා කාවින්දි, සෂිනි ගිම්හානි ඔවුහුය. ඒ අතරින් සෂිනි ගිම්හානි හා වත්මන් දේවපතිරාජ විදුහල් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුමුදු නිසංසලා, හිරුණි හංසිකා, රශ්මි නේත්‍රාංජලී, සංජනා කාවින්දි, නෙතගි සුරංජලී යන ක්‍රීඩිකාවන් සය දෙනා ශ්‍රී ලංකා ජාතික වයස 19න් පහළ කාන්තා ක්‍රිකට් සංචිතය නියෝජනය කරන ක්‍රීඩිකාවෝය. දේවපතිරාජ විදුහල් ක්‍රිකට් කණ්ඩායම ආරම්භයේ සිටම එහි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මහේෂ් සදරුවන් මහතාය.

වාද්දූව මධ්‍ය විද්‍යාලය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත තබනුයේ 2016 වසරේදීය. ඒ එවකට විදුහල්පතිව සිටි එස්.ටී.ඒ.ගුණරත්න මහතා පෙරමුණ ගනිමිනි

රත්ගම දේවපතිරාජ විදුහල් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග කරට කර තරගයක් දිය හැකි සම මට්ටමේ සිටින වාද්දූව මධ්‍ය විද්‍යාලයද මේ වනවිට නෙත්මි පූර්ණි සමග වයස 19න් පහළ ශ්‍රී ලංකා ’ ජාතික කාන්තා ක්‍රිකට් සංචිතයට ක්‍රීඩිකාවන් අට දෙනෙකුම දායාද කිරීමට සමත්ව සිටී. මේ අතරින් නෙත්මි පූර්ණා ශ්‍රී ලංකා ජාතික වයස 19න් පහල කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් වයස 19 න් පහල කාන්තා ක්‍රිකට් තුන්කොන් තරගාවලියට ද සහභාගීවූවාය. රත්ගම දේවපතිරාජ විදුහල් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මහේෂ් සදරුවන් මහතා මෙන්ම වාද්දූව මධ්‍ය විද්‍යාලයීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආරම්භයේ සිටම එහි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනුයේ ධනුෂ්ක රම්මුතු මහතාය.

 

රත්ගම දේවපතිරාජ විදුහල් කණ්ඩායම:-

ඉදිරි පෙළ වමේ සිට (ලක්ෂි අභිමානි, සංජනා කාවින්දි, අචිනි දිනූෂා මහත්මිය (ක්‍රීඩාභාර ආචාරිනී) මහේෂ් සදරුවන් මහතා (ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු), සුමුදු නිසංසලා (නායිකා), කේ.සෑම් ද සිල්වා මහතා (විදුහල්පති), හිරුණි හංසිකා (උප නායිකා), දිනූෂා මනෝජි මහත්මිය (ක්‍රිකට් කණ්ඩායම භාර ආචාරිණී), රශ්මි නේත්‍රාංජලී, හිරුණිකා නිවර්තනී, මහින්සා නෙත්මිනි,)

පසු පෙල වමේ සිට (දෙව්මි දහම්සා, හිරුණි කෞශාල්‍යා, ජනුනි කාවින්දි, විබුද්ධි හිරන්යා, අනුකි ඉමන්දි, ශෙහාරා ඉදුවරී, චමල්ෂා දෙව්මිණි, නෙතගි සුරංජලී, සෙනුරි වාසනා, චමිෂා නෙත්මි)

 

වාද්දූව මධ්‍ය විදුහල් කණ්ඩායම

දකුණේ සිට (මලිති අවිෂ්කා(නායිකා), ධනුෂ්ක රම්මුතු මහතා (ප්‍රධාන පුහුණුකරු), නිශාන්ති කුමාරරත්න මහත්මිය (සහාකාර විදුහල්පතිනි), එම්.ඩී.එන්.ද සිල්වා මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනි), නයනා දමයන්ති මහත්මිය (විදුහල්පතිනි), එස්.එම්. එගොඩගෙදර මහතා (නියෝජ්‍ය විදුහල්පති), ගයත්‍රී ද සිල්වා මහත්මිය (කාන්තා ක්‍රිකට් භාර ආචාරිණී), තරුෂි කුලසිංහ මහත්මිය (සහාය පුහුණුකාරිණී), එරන්දි වර්ණකුලසූරිය (උප නායිකා)

පසු පෙළ දකුණේ සිට (නෙත්මි නිහාරා, නිල්නෙතු අහස්නා, සයුරි සෙව්මිනි, මෙතුම්යා රිත්මලී, බුද්ධි දිනේෂිකා, දිනුරි රසංගා, ගොමේෂා චරිත්‍රී, චිරායු ආසිංසනී, සෙතුලි සිතංගා, රුබීනා තීර්ෂා, උමේෂි ප්‍රබෝදනී, සසිනි හංසනී, අචිනි මල්ෂිකා, නසන්යා චිනෙත්මි, තස්මිලා රුවන්තාරකී, ඔනාලි අදීෂා, දෙව්මිනි භාග්‍යා)


අදහස් (0)

වීරවරියන්ගේ සටන 27 දා ගාල්ලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.