Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches වීර සටන 25 - 26 බලපිටියේදී

වීර සටන 25 - 26 බලපිටියේදී

editorial - 2023 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

බලපිටිය රේවත විද්‍යාලය හා බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය අතර 34 වැනි මහ ක්‍රිකට් තරගය මේ මස 25 සහ 26 දිනවල බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයිය ක්‍රිඩාංගණයේදි පැවැත්වේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගය 'වීර සටන' ලෙසින් හැඳින්වෙයි. 

මේ වසරේදී රේවත විද්‍යාලයීය කණ්ඩායම කමේශ් චතුරංග විසින් මෙහෙයවනු ලබන අතර සිද්ධාර්ථ විද්‍යාලයීය කණ්ඩායම කවිශ්ක දුලංජන විසින් මෙහෙයවනු ලබයි.

මෙතෙක් පැවති තරග 33 න් රේවත විද්‍යාලය තරග 13ක ජය අත්කරගෙන තිබේ. එකම තරගයකවත් ජය ගැනීමට සිද්ධාර්ථ විද්‍යාලය මෙතෙක් සමත් වී නැත. තරග 20ක් ම ජයපරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ.

ගිය වසරේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුවද එම තරගයේ පළමු ඉනිමේ ජය හිමිවූයේ සිද්ධාර්ථ විද්‍යාලයටය. සිද්ධාර්ථ විද්‍යාලය පලමු ඉනිමේ ජයක් ලබාගෙන ඇත්තේ වසර 16 කට පසුවය.

රේවත විදුහල් කණාඩයම දෙවන කාණ්ඩය යටතේද සිද්ධර්ථ විද්‍යාලයීය කණ්ඩායම තෙවන කාණ්ඩය යටතේද අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිවලට සහභාගිවෙයි.

මේ වසරේදී රේවත විද්‍යාලය ක්‍රිකට් තරග 9 යකට සහභාගිවි ඉන් 4 ක පූර්ණ ජය අත්කරගෙන තිබේ. තරග 3 ක් පරාජය වී තරග 2 ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්කරගෙන තිබේ.

සිද්ධාර්ථ විද්‍යාලය තරග 11 කට සහභාගිවී තරග 7 ක පූර්ණ ජය අත්කරගෙන ඇත. තරග 3 ක් පරාජය වී එක් තරගයක් ජයපරාජයෙන් තොරව නිමාවට පත්කර ගෙන ඇත.

රේවත විදුහල් කණාඩයම

 

සිද්ධර්ථ විදුහල් කණාඩයම 

 


අදහස් (0)

වීර සටන 25 - 26 බලපිටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.