Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches මහානාම විදුහල ලකුණු 83 ක් පසුපසින්

මහානාම විදුහල ලකුණු 83 ක් පසුපසින්

editorial - 2023 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 17 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දින වූ අද (24 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි මහනාම විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 120 ක් ලබා සිටියේය. 

ඒ අනුව මහානාම ක්‍රීඩකයෝ කඩුලු 7 ක් අතැතිව ඩී.එස්. සේනානායක විදුහලට වඩා තවත් ලකුණු 83 ක් පසුපසින් සිටිති. පළමු දිනය නිමාවට පත්වන විට ආරම්භක පිතිකරු කවිඳු අමනෙත් හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 75 ක්ද, අංජල බණ්ඩාර හතරේ පහරක් සමග ලකුණු 21 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. 

ඉදිරි පෙළ පිතිකරුවන් දෙදෙනකුම ලකුණු නොළබා දැවී ගියද කණ්ඩායමේ බර සිය කර මතට පටවාගත් කවිඳු, දෙවැනි කඩුල්ල සඳහා කූජන පෙරේරා (24) සමග එක්ව ලකුණු 48 ක්ද, සිවුවැනි කඩුල්ල සඳහා අංජල බණ්ඩාර සමග එක්ව ලකුණු 72 ක්ද එක් කරමින් කෙමෙන් කෙමෙන් මහානාම ඉනිම ගොඩනැගුවේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඩී.එස්. සේනානායක විදුහල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 203 ක් ලබාගත්තේය. එහිදී තරමක් වේගවත් පිතිහරඹයක නිරත වූ නායක මනුර පීරිස් පන්දු 104 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 12 ක් සමග ලකුණු 98 ක් ලබා සිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය. 

ඩී.එස්. සේනානායක පළමු ඉනිම - සියලු දෙනා දැවී 203 
(ගවිරු සෙන්හස් 27, සෙනුර සිල්වා 18, චෙනුල් පින්සර 15, මනුර පීරිස් 98, අදීෂ බණ්ඩාරනායක 24, ඉනුක කරන්නාගොඩ 62/5, රෂ්මික පෙරේරා 38/2, දුල්නිත් සිගේරා 50/2) 

මහානාම පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 120 
(කවිඳු අමමෙත් 75, කූජන පෙරේරා 24, අංජල බණ්ඩාර නොදැවී 21, අදීෂ බණ්ඩාර 47/3) 

 


අදහස් (0)

මහානාම විදුහල ලකුණු 83 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.