Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches ධර්මරාජ ජයග්‍රහණය යන්තමින් ගිළිහෙයි

ධර්මරාජ ජයග්‍රහණය යන්තමින් ගිළිහෙයි

editorial - 2023 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී පැවැති ධර්මරාජ - කිංග්ස්වුඩ් 116 වැනි මහා ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා විය.

මුල් ඉනිමේදී ලකුණු 18 ක අවාසියකට මුහුණ දුන් නමුත් දෙවැනි ඉනිමේදී කඩුලු 7 කට ලකුණු 213 ක් ලබාගත් ධර්මරාජ ක්‍රීඩකයෝ කිංග්ස්වුඩ් පිලට හොඳ අභියෝගයක් කළහ.

තරගයේ අවසන් දිනයේදී ලකුණු 196 ක ඉලක්කයක් කරා යමින් සිටි කිංග්ස්වුඩ් විදුහලේ කඩුලු 9 ක් ලකුණු 153 කට බිඳ වැටුණ නමුත් අනිවාර්ය පන්දු ඕවර සංඛ්‍යාව අවසන් වීම හේතුවෙන් ධර්මරාජයට ජයගත හැකිව තිබූ අවස්ථාව ගිලිහී ගියේය.

ධර්මරාජ - පළමු ඉනිම 114 යි

කිංග්ස්වුඩ් - පළමු ඉනිම 132 යි

ධර්මරාජ - දෙවැනි ඉනිම කඩුලු 7 ට 213 යි
(පුබුදුපෙරේරා 12, ඔනජිත්ද සිල්වා 28, නිසලඅබේරත්න 72, මලීෂ රාජකරුණා 16, තිසරු වන්නිනායක 31,  අමේශ් රූපසිංහ 69/4)

(කිංස්වුඩ් - දෙවැනි ඉනිම කඩුලු 9ට 153 යි 
(ආදිල් ෂෙරිෆ් 36, කවිජ ගමගේ 66, භරණ රත්නායක 18, අබ්දුල් හකාම් 18, පළිදු පෙරේරා 56/5, නාලකඅබේරත්න 27/3)

 


අදහස් (0)

ධර්මරාජ ජයග්‍රහණය යන්තමින් ගිළිහෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.