Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches ඩී.එස්. - මහානාම රන් සටන හෙට - අනිද්දා

ඩී.එස්. - මහානාම රන් සටන හෙට - අනිද්දා

editorial - 2023 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර පැවැත්වෙන 17 වැනි ‘රන් සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (24 - 25) කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම කණ්ඩායම් දෙක අතර වාර්ෂික එක්දින තරගය අප්‍රේල් මස 8 වැනිදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 

මෙවර මහ ක්‍රිකට් තරගයේදී ඩී.එස්. සේනානායක විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මනුර පීරිස්ට පැවරී තිබේ. මහනාම විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව සචිර වැලිවත්තට හිමිව ඇත. 

දෙවිදුහල් අතර මෙතෙක් පැවති මහ ක්‍රිකට් තරගවලදී එක් ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඩී.එස්. සේනානායක විදුහල සමත්ව ඇති අතර ඒ 2014 වසරේදීය. තරග 13 ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව ඇති අතර කොරෝනා වසංගත සමයේදී තරග 2 ක් පවත්වා නොමැත. 

මෙතෙක් පැවති එක්දින තරගවලින් 9 ක් ජයගැනීමට මහනාම විදුහල සමත්ව ඇති අතර ඩී.එස්. සේනානායක විදුහල තරග 4 ජයගෙන තිබේ. එක් තරගයක් විසඳුමකින් තොරව නිමාවී ඇති අතර තරග 2 ක් පවත්වා නොමැත. 

මෙම විදුහල් දෙකම අන්තර් පාසල් ක්‍රිකට් වයස 19 න් පහළ තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින නමුත් විදුහල් දෙකටම මෙවර තරගාවලියේ (2023) අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. 

 

ඩී.එස්. සේනානායක විදුහල් කණ්ඩායම
ඉදිරි පෙළ දකුණේ සිට - එම්.කේ.කේ. මුණසිංහ මහතා (අභ්‍යාසක), වරුණ දිල්රුක් මහතා (ක්‍රීඩා ලේකම්), වජිර අබේවික්‍රම මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), වසන්ත කැලෑකොටුව මහතා (ක්‍රීඩා පාලක), ප්‍රියන්ත සහබන්දු මහතා (එස්.ඩී.එස්. ලේකම්), මනුර පීරිස් (නායක), සම්පත් වේරගොඩ මහතා (විදුහල්පති), ගවිරු සෙන්හස් (උප නායක), චානක බමුණුආරච්චි මහතා (නියෝජ්‍ය විදුහල්පති), මයුර අමරසිංහ මහතා (ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති), ලසන්ත විතාරණ මහතා (ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති), දිල්ෂාන් ගල්කැටිය මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ හර්ෂ ශ්‍රීනාත් මහතා (සහායක පුහුණුකරු)
පසු පෙළ දකුණේ සිට - සොහාන් සුලෝචන, දිලාෂ් කුමාරනායක, අකිධ වීරසූරිය, මලිත පෙරේරා, රන්ධිෂ බණ්ඩාරනායක, කිරාන් පෙරේරා, අධීෂ බණ්ඩාරනායක, සෙනුර සිල්වා, හිමන්ත කේෂාන්, චෙනුල් පින්සර, දේෂාන් හෙට්ටිගේ, පූර්ණ සුලක්ෂණ, පී. වරුන්ෂාන්, පී. වර්ෂාන්, ලෙසඳු අර්ථවිදු, ශකිල් තාරුක, ශනාල් බිනුෂ්ක සහ චේනුක රන්දුල 

 

මහානාම විදුහල් කණ්ඩායම 
ඉදිරි පෙළ වමේ සිට - සොනාල් දුල්ෂාන් මහතා (සහායක පුහුණුකරු), චානක ප්‍රනාන්ද මහතා (ක්‍රිකට් සංවිධන කමිටුවේ සභාපති), රොෂාන් බණ්ඩාර මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), එස්.එම්.ජී. සමරකෝන් මහතා (සහකාර විදුහල්පති), සචිර වැලිවත්ත (නායක), ඒ.සී. පෙරේරා මහතා (විදුහල්පති), අංජල බණ්ඩාර (උප නායක), ඉෂාර විමලරත්න මහතා (ක්‍රීඩා පාලක), ධනුෂ්ක මුතුකුමාරණ මහතා (ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී), සම්පත් ප්‍රනාන්දු මහතා (ආදි ශිෂ්‍ය සංගමයේ උප සභාපති), නිසල් විතානගේ මහතා (ප්‍රධාන පුහුණුකරු) 
පසු පෙළ වමේ සිට - ගිමන්ත දිසානායක, නදීෂ යසිරු, වෙනුක හෙට්ටිආරච්චි, දුල්නිත් සිගේරා, ඒෂාන් විතානගේ, ඉනුක කරන්නාගොඩ, දසිත් ගුණතිලක, කෘජන පෙරේරා, කවීෂ ගිම්හාන්, කවිඳු අමමෙත්, බනුල අල්ගවත්ත, දුවිඳු රණතුංග, ඔමේෂ් උදාර, රෂ්මික පෙරේරා, චාමික හීනටිගල, ඔසඳ මුතුගම සහ විරංග යේෂාන් 

 


අදහස් (0)

ඩී.එස්. - මහානාම රන් සටන හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.