Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton සචින් - බුවනෙක ලෝකයේ 13 වැනි තැනට

සචින් - බුවනෙක ලෝකයේ 13 වැනි තැනට

ශනුක අරවින්ද - 2014 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශ්‍රේණිතකිරීම් වල 13 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා අංක එකේ කනිෂ්ඨ බැඩ්මින්ටන් යුගලය වන බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් සමත් වූහ.

ශ්‍රේණිතකිරීම් 20 වැනි ස්ථානයේ පසුවූ බුවනෙක සහ සචින්, ස්ථාන 7 ක් ඉදිරියට එමින් තම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 15,320 ක් දක්වා වර්ධනය කරගෙන ඇත.

ස්පාඤ්ඤ කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේ යුගල පිරිමි රන් පදක්කම දිනාගැනීම සහ  ඕලන්ද කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි යුගල තරගයේ ලෝකඩ පදක්කම දිනාගැනීම මෙසේ ශ්‍රේණිගතකිරිම් වල ඉහළට ඒමට පදනම වී ඇත.

චීනයේ හං කයිසියාං සහ සෙං සි වෙයි ප‍්‍රසාද ලකුණු 30,390 සමගින් මෙම ශ්‍රේණිතකිරීම් වල පළමු ස්ථානය හිමිකරගෙන සිටින අතර කොරියාවේ ජුං හෝ කිම් සහ ජේ හවාන් කිම් ප‍්‍රසාද ලකුණු 22,220 ක් සමගින් දෙවැනි ස්ථානයේ පසුවේ.

 


අදහස් (0)

සචින් - බුවනෙක ලෝකයේ 13 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.