Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton සචින් - බුවනෙක බැඞ්මින්ටන් ලෝකඩ පදක්කම දිනති

සචින් - බුවනෙක බැඞ්මින්ටන් ලෝකඩ පදක්කම දිනති

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නෙදර්ලන්තයේ පැවැති විවෘත ඕලන්ද කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි යුගල තරගයේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක සමත්වූහ.

අවසන් පූර්ව වටයේ තරගයකදී ජර්මනියේ ජොහැන්නස් පිස්ටෝරියස් සහ මර්වින් සීඞ්ල් හමුවේ තරග වට 2-1 ක් ලෙස පරාජය වීම නිසා ඔවුන්ට ලෝකඩ පදක්මෙන් සෑහීමකට පත්වීමට සිදුවූ අතර එහි රන් පදක්කම ජර්මනියේ ජොහැන්නස් පිස්ටෝරියස් සහ මර්වින් සීඞ්ල් විසින්ද, රිදී පදක්ම නෙදර්ලන්තයේ රුබෙන් ජිල් සහ ඇලෙක්ස් ව්ලාර් විසින්ද දිනාගන්නා ලදහ.

පළමු වටයේදී නිතරග ජයක් ලද සචින් සහ බුවනෙක, දෙවැනි වටයේදී බල්ගේරියාවේ ඩැනියල් නිකලෝ සහ ලඩිමිර් ශිෂ්කොව් හමුවේ තරග වට 2-0 ක් ලෙස ජය වාර්තා කරමින් තෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ.

තෙවැනි වටයේදී තරග 2-0 ක් ලෙස ඉන්දුනීසියාවේ යායා අඩි කුමාර සහ ගලන්ග් ඩිකී රාමඩාන් පරාජය කරමින්ද, සිව්වැනි වටයේදී තරග 2-1 ක් ලෙස ප‍්‍රංශයේ ටැන්ගායි සිට‍්‍රන් සහ තෝමස් වැලිස්ද පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.


අදහස් (0)

සචින් - බුවනෙක බැඞ්මින්ටන් ලෝකඩ පදක්කම දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.