Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඞ්මින්ටන් පිල පාකිස්තානයට

ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඞ්මින්ටන් පිල පාකිස්තානයට

editorial - 2024 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)  

දකුණු ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඞ්මින්ටන් කණ්ඩායම පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය. 

මාර්තු මස 3 වැනිදා සිට 7 වැනිදා දක්වා ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වෙන මෙම තරගාවලියේදී අවුරුදු 15 න් පහළ සහ අවුරුදු 17 න් පහළ වයස් කාණ්ඩ සඳහා මිශ්‍ර කණ්ඩායම් සහ කේවල තරග පැවැත්වේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පුහුණුකරු ලෙස රජිත දහනායක මහතාද, සහාය පුහුණුකරු ලෙස ඉරේෂ් මධුරංග ද සිල්වා මහතාද, ක්‍රීඩිකාවන් භාර නිලධාරිණිය ලෙස තරංගා විමලසූරිය මහත්මියද සංචාරයට එක්වෙති.  

ආසියානු බැඞ්මින්ටන් සංගමය සංවිධානයෙන් සහ පාකිස්තාන බැඞ්මින්ටන් සම්මේලනයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු සහ දෙවැනි දිනයන්හිදී කණ්ඩායම් තරග පැවැත්වෙන අතර තෙවැනි සහ සිවුවැනි දිනවලදී කේවල තරග පැවැත්වීමට නියමිතය. කේවල අවසන් තරග 7 වැනිදාට යෙදී තිබේ. 


තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 
අවුරුදු 15 න් පහළ බාලක - අමාවන් අමරසිංහ සහ චෙනාල් දෙව්ෂාන් මඩපාතගේ 
අවුරුදු 15 න් පහළ බාලිකා - තෙනුකි අයන්සා ද සිල්වා සහ බිනුරි ජනංගා 
අවුරුදු 17 න් පහළ බාලක - මිහිල රවිෂ්ක ජයවීර සහ තේජන සමුදිත හේරත් 
අවුරුදු 17 න් පහළ බාලිකා - නෙත්මි අමායා රත්නායක සහ ලක්ෂණා සජීවකුමාර් 


අදහස් (0)

ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඞ්මින්ටන් පිල පාකිස්තානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.