Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton වෙළෙඳ සේවා බැඞ්මින්ටන් තරග 16 දා සිට

වෙළෙඳ සේවා බැඞ්මින්ටන් තරග 16 දා සිට

editorial - 2024 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා වෙළෙඳ සේවා බැඞ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරනු ලබන වෙළෙඳ සේවා සමස්ත ලංකා විවෘත බැඞ්මින්ටන් ශූරතාවලිය මෙම මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා වෙළෙඳ සේවා ගෘහස්ත බැඞ්මින්ටන් ක්‍රීඩාංගණයේදී සහ ලුම්බිණී විදුහල් ගෘහස්ත බැඞ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් මිලයනයක මුදල් තෑගි බෙදා දෙන වෙළෙඳ සේවා බැඞ්මින්ටන් ශූරතාවලිය මෙරට බැඞ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් ලෙස සැලකෙන අතර ඊට විවෘත, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ, අවුරුදු 110 ඒකාබද්ධ සහ පළඟ ශූරතා වශයෙන් කාණ්ඩ 4 ක තරග ඇතුළත් වේ. 

කාන්තා හා පිරිමි කේවල සහ යුගල සමග මිශ්‍ර යුගල තරග විවෘත තරග අංශයට ඇතුළත් වන අතර, අවුරුදු 30 සිට අවුරුදු 70 ට ඉහළ වයස් කාණ්ඩය සඳහා ජ්‍යෙෂ්ඨ අංශයේ තරගද, අවුරුදු 11 න් පහළ සිට අවුරුදු 19 න් පහළ වයස් කාණ්ඩය සඳහා කනිෂ්ඨ අංශයේ තරගද පැවැත්වේ. ඒකාබද්ධ තරග අංශයට අවුරුදු 110 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ තරග ඇතුළත් වන අතර විවෘත තරග අංශයේ අවසන් පූර්ව තරග පරාජිතයන් සඳහා පළඟ ශුරතා තරග අංශය වෙන් කර තිබේ. 

රුපියල් මිලියනයක මුදල් තෑගිවලට අමතරව ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. වෙළෙඳසේවා සමස්ත ලංකා විවෘත බැඞ්මින්ටන් ශූරතාවලිය සඳහා මැක්ෆොයිල්, මොබිල්, ලීනිං, 3එම් සහ ජී.ඒ.සී. යන සමාගම් සහ ආයතන  අනුග්‍රාහකත්වය ලැබී තිබේ. 


අදහස් (0)

වෙළෙඳ සේවා බැඞ්මින්ටන් තරග 16 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.