Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සංවිධානත්වයෙන් ප්‍රංශයේදී පැවැත්වෙන ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියේ කාන්තා කේවල ඉසව්වේ දෙවැනි වටයේ තරගයකදී පරාජයට පත්වීම හේතුවෙන් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාවේ රනිත්මා ලියනගේට අද (27 වැනිදා) සිදු වූවාය.
දෙවැනි වටයේදී ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්හි 12 වැනි ස්ථානයේ පසුවන ජපානයේ සිම් යූ ජින්ට එරෙහිව ශ්‍රේණිගත කිරීම්හි 111 වැනි ස්ථානයේ පසුවන රනිත්මා තරග බිමට අවතීර්ණ වූවාය. එහිදී ඇය තරග වට 2-0 ක් ලෙස පරාජයට පත් වූ අතර 21/14 ක් සහ 21/16 ක් ලෙස එම තරගයේ ලකුණු තත්වය සටහන් විය.
ක්‍රීඩිතාවන් 64 දෙනෙක් සහභාගි වූ කාන්තා කේවල ඉසව්ව යටතේ තරගාවලියට එක් වූ රනිත්මා, මූලික වටයේදී අයර්ලන්තයේ රචෙග් දරාග්ට එරෙහිව වට 2-1 ක තියුණු ජයක් ලබමින් දෙවැනි වටයට පිවිසියාය. එම තරගයේ පළමු වටය දරාග් හමුවේ ලකුණු 21/19 ක් ලෙස පරාජයට පත්වූ රනිත්මා, දෙවැනි සහ තෙවැනි වට ජය ගත්තේ ලකුණු 21/11 ක් සහ 11/03 ක් ලෙසිනි.
කාන්තා කේවල පළමු වටය
රනිත්මා ලියනගේ (ශ්‍රී ලංකාව) විසින් වට 2-1 ක් ලෙස රචෙග් දරාග් (අයර්ලන්තය) පරාජය කරන ලදි. (19/21, 21/11, 11/03)
කාන්තා කේවල දෙවැනි වටය
සිම් යූ ජින් (ජපානය) විසින් වට 2-0 ක් ලෙස රනිත්මා ලියනගේ (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/14, 21/16)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.