Last Update  :  2024-05-03 17:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton බුවනෙක ත්‍රිත්ව ශූරතා දිනයි
70 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය

බුවනෙක ත්‍රිත්ව ශූරතා දිනයි

editorial - 2023 ජන මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ 70 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේදී ත්‍රිත්ව ශුරතා දිනාගැනීමට බුවනෙක ගුණතිලක සමත් විය. ද්විත්ව ශූරතා දිනාගැනීමට රනිත්මා ලියනගේ සහ කාවින්දි සිරිමාන්න සමත් වූහ.

පිරිමි කේවල අවසන් මහ තරගයේදී තරගයේදී වට 2-0 ක් ලෙස විරේන් නෙත්තසිංහ පරාජය කරමින් දෙවැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශූරයා බවට පත්වූ බුවනෙක, ඉන් නොනැවතී සචින් ඩයස් සමග එක්ව පිරිමි යුගල ශූරතාවද, කාවින්දි සිරිමාන්නගේ සමග එක්ව මිශ්‍ර යුගල ශූරතාවද දිනාගනිමින් ත්‍රිත්ව ශූරතාවන්ට හිමිකම් කීවේය.

පිරිමි යුගල අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස දුමිඳු අබේවික්‍රම  සහ ආශිංස හේරත් පරාජය කිරීමට බුවනෙක සහ සචින් සමත් වූහ. මිශ්‍ර යුගල අවසන් තරගයේදී තුලිත් පල්ලියගුරු සහ බුත්මි ගලගමගේ පරාජය කිරීමට බුවනෙක සහ කාවින්දි සමත් වූයේද වට 2-0 ක් ලෙසිනි.

කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 2-0 ලෙස මධුෂිකා බේරුවලගේ පරාජය කළ රනිත්මා ලියනගේ, ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කීවේ කාන්තා යුගල අවසන් මහ තරගයේදී කාවින්දි සිරිමාන්නගේ සමග එක්ව වට 2-0 ක් ලෙස බුත්මි ගලගමගේ සහ මධුෂිකා බේරුවලගේ පරාජයට පත්කරමිනි.

තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහභාගි වූ අතර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු රැසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී සහ වෙළෙඳ සේවා ක්‍රීඩා සංගම් බැඩ්මින්ටන් ක්‍රීඩාංගණ්යේදී පැවැති මෙවර තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1500 ක් පමණ සහභාගි වූහ.


විවෘත තරග ප්‍රතිඵල
පිරිමි කේවල
බුවනෙක ගුණතිලක විසින් තරග වට 2-0 ක් ලෙස විරේන් නෙත්තසිංහ පරාජය කරන ලදි. (21/18, 21/16)

පිරිමි යුගල
බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් විසින් තරග වට 2-0 ක් ලෙස දුමිඳු අබේවික්‍රම සහ ආශිංස හේරත් පරාජය කරන ලදහ. (21/16, 21/11)

කාන්තා කේවල
රනිත්මා ලියනගේ විසින් වට 2-0 ක් ලෙස මධුෂිකා බේරුවලගේ  පරාජය කරන ලදි. (21/08, 21/16)

කාන්තා යුගල
රනිත්මා ලියනගේ සහ කාවින්දි සිරිමාන්නගේ විසින් තරග වට 2-0 ක් ලෙස බුත්මි ගලගමගේ සහ මධුෂිකා බේරුවලගේ පරාජය කරන ලදහ. (21/09, 21/14)

මිශ්‍ර යුගල
බුවනෙක ගුණතිලක සහ කාවින්දි සිරිමාන්නගේ විසින් තරග වට 2-0 ක් ලෙස පල්ලියගුරු සහ බුත්මි ගලගමුව පරාජය කරන ලදහ. (21/13, 21/15)

 


අදහස් (0)

බුවනෙක ත්‍රිත්ව ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.