Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට නුවරඑළියේදී පුහුණු සැසියක්

බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට නුවරඑළියේදී පුහුණු සැසියක්

editorial - 2021 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ පුහුණුකිරීම් හා ප්‍රවර්ධන කමිටුව විසින් මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සමග එක්ව බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා සංවිධානය කරනු ලැබූ මූලික පුහුණු වැඩසටහනක් ඉකුත් සති අන්තයේ නුවරඑළියේදී පැවැතිවිණ. නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම පුහුණු වැඩසටහනට පුහුණුකරුවෝ 52 ක් එක්ව සිටියහ.

එම වැඩසටහනට මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්ක වන නුවරඑළිය, මහනුවර සහ මාතලේ නියෝජනය කරමින් පුහුණුකරුවෝ සහභාගි වූහ. මෙම දෙදින වැඩසටහන තුළින් ප්‍රායෝගික හා න්‍යායාත්මක දෙඅංශයම ආවරණය වූ අතර මෙරට සුප්‍රකට අභිප්‍රේරණ දේශකයකු වන ආචාර්ය කුමා ඉද්දමල්ලෙන මහතාගේ දේශනයක්ද ඇතුළත් විය. අවසන් දිනයේ විශේෂ ආරාධිතයන් අතරට ශ්‍රී ලංකා  බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතාද එක් විය.

පාසල් හා ක්‍රීඩා සමාජවලට සම්බන්ධව සිටින පුහුණුකරුවන්ට සහ ශාරිරික පුහුණු උපදේශකවරුන්ට බැඩ්මින්ටන් පුහුණුව ආරම්භ කරන නවකයන්ට සඳහා වන මූලධර්ම පිළිබඳ මූලික දැනුමක් ලබාදීම, කුසලතා හඳුනා ගැනීම සහ ක්‍රීඩාවේ නීතිරීති පිළිබඳ දැනුමක් ලබාදීම මේ වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය වී තිබිණි. ඊට කණ්ඩායම් ක්‍රියාකාරකම්ද ඇතුළත් වූ අතර වැඩසටහන නිමා වීමෙන් පසුව ප්‍රයෝගික සහ න්‍යායාත්මක ඇගැයීමක් සිදු කෙරිණි.

බැඩ්මින්ටන් සංගමයේ පුහුණුකිරීමේ හා ප්‍රවර්ධනය කිරිමේ කමිටුව මේ වසරේදී මෙතෙක් පැවැත්වූ සිවුවැනි පුහුණු වැඩසටහන මෙය විය. මින් පෙර පසුගිය මාර්තු මාසයේ 14 වැනිදා කොළඹදීත්, මාර්තු 20-21 දෙදින අම්පාරදීත්, උතුරු පළාත ආවරණය වන පරිදි අප්‍රේල් මස 6-7 දෙදින කිලිනොච්චියේදීත් එවැනි වැඩසටහන් තුනක් පවත්වනු ලැබීය.


-036

 


අදහස් (0)

බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට නුවරඑළියේදී පුහුණු සැසියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.