Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
උතුරුමැද පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ උතුරුමැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේදී ද්විත්ව ශූරතා දිනාගැනීමට පංචාලි අධිකාරී සමත් වූවාය. අනුරාධපුරයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති මෙම ශූරතාවලියේදී විවෘත කාන්තා කේවල සහ විවෘත මිශ්‍ර යුගල ශූරතා දිනාගනිමින් ඇය ද්විත්ව ශූරතාවන්ට හිමිකම් කීවාය.
විවෘත කාන්තා කේවල අවසන් මහා තරගයේදී විදාරා විදානගේට එරෙහිව තරග වට 2-1 ක ජයක් වාර්තා කරමින් ශූරතාව දිනාගත් පංචාලි, මිශ්‍ර යුගල ශූරතාවට හිමිකම් කිවේ තුලිත් පල්ලියගුරු සමග එක්ව තරග වට 2-1 ක් ලෙස මධුක දුලාංජන සහ අනුරංගි මාසකෝරාල පරාජයට පත් කරමිනි.
තිළිණ රාජකරුණාට එරෙහිව තරග වට 2-0 ක ජයක් වාර්තා කරමින් විවෘත පිරිමි කේවල ශූරතාව දිනා ගැනීමට ආශිංස හේරත් සමත් විය. පිරිමි යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ඔෂාමික කරුණරත්න සහ තුලිත් පල්ලියගුරු තරග වට 2-0 කින් පරාජයට පත් කළ රයිහාන් ගුස්යාපුත්‍ර සහ ඩේවිඩ් හෝමර් විසිනි. තරග වට 2-1 කින් සනධි ද සිල්වා සහ විදාරා විදානගේ පරාජය කළ අනුරංගි මාසකෝරාල සහ ප්‍රවීනා විජේසුන්දර විවෘත කාන්තා යුගල ශූරතාවට හිමිකම් කීහ.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත්වලට අමතරව රුපියල් 750,000 ක මුදල් ත්‍යාගද පිරිනැමුණු අතර කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වෙනත් වටිනා ත්‍යාග පිරිනැමීමට තරගාවලියේ සංවිධායක කමිටුව පියවර ගෙන තිබිණ.
ජාතික ශ්‍රේණිගත කිරීම්වල පළමු මට්ටමේ තරගාවලියක් ලෙස පැවැති මෙම තරගාවලියට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය ලැබී තිබූ අතර මැක්ෆොයිල්, මොබිල්, ලී නිං, 3එම් සහ ජී.ඒ.සී යන සමාගම්වල අනුග්‍රාහකත්වයෙන් තරගාවලිය පැවැත්විණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.