Last Update  :  2025-05-03 18:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton නිලූක - අපොන්සු කණ්ඩායම් ශූරතා දිනති

නිලූක - අපොන්සු කණ්ඩායම් ශූරතා දිනති

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පළාත් අන්තර් සමාජ කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගැනීමට නිලූක කරුණාරත්න බැඞ්මින්ටන් සමාජයද, කාන්තා ශූරතාව දිනාගැනීමට අපොන්සු බැඞ්මින්ටන් විද්‍යායතනයද සමත්විය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගාවලියේදී නිලූක කරුණාරත්න බැඞ්මින්ටන් සමාජය විසින් ‘ඒ’ කාණ්ඩයේ පිරිමි අවසන් තරගයේදී ඔටර්ස් කී‍්‍රඩා සමාජයත්, අපොන්සු බැඞ්මින්ටන් විද්‍යායතනය විසින් ‘ඒ’ කාණ්ඩයේ කාන්තා අවසන් තරගයේදී ඔටර්ස් කී‍්‍රඩා සමාජයත් පරාජය කරනු ලැබීය.

බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය 41 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා කී‍්‍රඩා සංගම් 35 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 60 ක් සහභාගී වූහ.  

තරගාවලියේ සම අනුග‍්‍රාහකයන් ලෙස එෆ්. කේ. සී. අයි. එ්ෂියා පුද්ගලික සමාගම සහ හමීඩියාස් ආයතනය කටයුතු කරයිි.

පිරිමි අවසන් තරග ප‍්‍රතිඵල

  • ‘ඒ’ කාණ්ඩය - නිලූක කරුණාරත්න බැඞ්මින්ටන් සමාජය විසින් තරග වට 3-0 ක් ලෙස ඔටර්ස් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදි.
  • ‘බී’ කාණ්ඩය - අපොන්සු බැඞ්මින්ටන් විද්‍යායතනය විසින් තරග වට 3-1 ක් ලෙස බැන්ක්හිල් කී‍්‍රඩා සමාජය පරාජය කරන ලදි.

කාන්තා අවසන් තරග ප‍්‍රතිඵල

  • ‘ඒ’ කාණ්ඩය - අපොන්සු බැඞ්මින්ටන් විද්‍යායතනය විසින් තරග වට 2-1 ක් ලෙස ඔටර්ස් කී‍්‍රඩා සමාජය කරන ලදි.
  • ‘බී’ කාණ්ඩය - මොරටුව විශ්ව විද්‍යාලය විසින් තරග වට 2-0 ක් ලෙස එස්. එල්. අයි. අයි. ටී. පරාජය කරන ලදි.

අදහස් (0)

නිලූක - අපොන්සු කණ්ඩායම් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.