Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චීනයේ නැංජින් නුවර අගෝස්තු මස 17 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්විමට නියමිත යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට තිළිණි හෙන්දහේවා හා සචින් ඩයස් සුදුසුකම් ලබා ඇත.
ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සදහා සහභාගී වන මෙම ක‍්‍රීඩකයන් දෙපළ අනතුරුව යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිතය.
ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් කනිෂ්ඨ ජාතික ශුරිය වන තිළිණි හෙන්දහේවා කොළඹ විශාඛා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර සචින් ඩයස් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ඉගෙනුම ලබයි.
මෙම තරගාවලිය සදහා ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම් පමණක් පාදක කරගනිමින් තෝරා ගැනීම් කර ඇත.
ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරිම් වල 750 පමණ වු අවම මට්ටමක සිටි මෙම කනිෂ්ඨ ක‍්‍රීඩක දෙපල ජර්මනිය, හංගේරියාව, ඔස්ටි‍්‍රයාව, නෙදර්ලන්තය සහ ස්පාඥ්ඥය යන රට වලදී සහභාගී වූ කනිෂ්ඨ තරගාවලි වලදී දක්වන ලද දක්ෂතාවන් මත හා ලෝක කනිෂ්ඨ තරගාවලියේදී දක්වන ලද දක්ෂතාවන් මත ශ්‍රේණිගත කිරිම් වල ඉහළට පැමිණීමට සමත්වී ඇත.
ඒ අනුව වර්තමානයේදී සචින් ඩයස් පිරිමි කනිෂ්ඨ ශ්‍රේණිගත කිරිම් වල 34 වැනි ස්ථානයේත්, තිළිණි හෙන්දහේවා කාන්තා කනිෂ්ඨ ශ්‍රේණිගත කිරිම් වල 57 වැනි ස්ථානයේත් පසුවෙති.
මේ වන විට මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් විදේශිය පුහුණුකරු ශන්කර් අන්නමලෙයි මහතා යටතේ පුහුණුවීම් කරති.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.