Last Update  :  2025-08-23 13:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton උතුරු මැද පළාත් බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

උතුරු මැද පළාත් බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2025 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මෙම මස 18 වැනිදා සිට 24 දක්වා අනුරාධපුර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සහ මයික් කුක් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ. 

ජාතික බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම  ශූරතාවලියේදී පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ප්‍රධාන කාණ්ඩ 5 ට අමතරව කනිෂ්ඨ අංශය වෙනුවෙන් අවුරුදු 11 න් පහළ සිට අවුරුදු 19 න් පහළ දක්වාද, ජ්‍යෙෂ්ඨ අංශය සඳහා අවුරුදු 30 න් ඉහළ සිට අවුරුදු 70 න් ඉහළ දක්වාද තරග පැවැත්වේ.  

ශූරතාවලියේ සමාරම්භක උත්සවය මෙම මස 18 වැනිදා පෙරවරු 9.00 ට පැවැත්වෙන අතර අනතුරුව ආරම්භ වන මූලික තරග වටය, 22 දිනයට නියමිත අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව වටය දක්වා පැවැත්වෙනු ඇත. තරගාවලියේ වඩාත් උණුසුම් සහ තරගකාරීත්වයෙන් යුතු අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරග 23 සහ 24 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සමාප්ති උත්සවය 24 වැනිදා පස්වරුවේ පැවැත්වෙනු ඇත. 

මෙම මස 11 වැනිදා වනවිට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව අගෝස්තු මස 13 වැනිදා තරගාවලියේ තරග පෙළ ගැස්ම කොළඹ 7, මෙට්ලන්ඩ් පෙදෙසේ අංක 28 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මූලස්ථානයේදී සිදු කෙරෙනු ඇත. තරගාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම අගෝස්තු මස 8 වැනිදා මධ්‍යහ්න 12.00 න් නිමාවට පත්වන අතර ඒ සඳහා අයැදුම්පත් අන්තර්ජාලය ඔස්සේ හෝ 0773011800 දුරකතන අංකයෙන් අජිත් විජයසිංහ මහතා හෝ 0740121846 දුරකතන අංකයෙන් හිමාෂා මෙනෙවිය සම්බන්ධ කර ගනිමින් යොමු කළ හැකිය. 

උතුරු මැද පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් 750,000 ක මුදල් ත්‍යාග පිරිනැමෙන අතර සෑම තරග ඉසව්වකම ජයග්‍රාහකයන්ට, අනු ශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතිකපත් පිරිනැමේ. තරගාවලියේ සංවිධායක කමිටුවේ තීරණයකට අනුව කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වෙනත් වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. 

 


-036


අදහස් (0)

උතුරු මැද පළාත් බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.