Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 62 වැනි ජාතික බැඞ්මින්ටන් ශුරතාවලිය ඔක්තෝම්බර් මස 08 වැනිදා සිට 12 වැනිදා දක්වා නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
මෙහිදී ප‍්‍රධාන ඉසව්ව 5 ට අමතරව (පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල, මිශ‍්‍ර යුගල) බාලක බාලිකා වයස අවුරුදු 11 න් පහළ සහ 13 න් පහළ වයස් කාණ්ඩ සඳහා කේවල තරගද, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩ සඳහා කේවල සහ යුගල තරගද පැවැත්වේ.
ඉකුත් වසරේ පැවැති ජාතික බැඞ්මින්ටන් ශුරතාවලියේ කේවල පිරිමි ශූරතාව දිනාගැනීමට නිලූක කරුණාරත්න සමත්වූ අතර කේවල කාන්තා ශූරතාව දිනාගැනීමට ලේඛා ශෙහානි සමත්වූවාය.
තරගාවලියේ අයැදුම්පත් භාර ගැනීම මේ මස 30 වැනිදා පස්වරු 5.00 ට අවසන් වන අතර අයැදුම්පත් ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් මුලස්ථානයෙන් හෝ www.srilankabadminton.lk ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.