Last Update  :  2024-05-03 15:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton 993 ක් නුවරඑළිය බැඩ්මින්ටන් පිටියේ

993 ක් නුවරඑළිය බැඩ්මින්ටන් පිටියේ

editorial - 2021 අප්‍රේ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

----------------------
ශානුක අරවින්ද
----------------------

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අනුග්‍රාහකත්වය යටතේ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය සහ නුවරඑළිය දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය එක්ව නුවරඑළිය වසන්ත සමය නිමිත්තෙන් සංවිධාන කරන සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය හෙට (20 වැනිදා) සිට 27 වැනිදා දක්වා නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් තරග කාල සටහනේ ප්‍රධානතම තරගාවලියක් වන මෙම බැඩ්මින්ටන් ශූරතාවලිය පළමු කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියකි. මෙම තරගාවලියේදී තරගයට පිවිසීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 993 කි. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය නිකුත් කර ඇති තරග පෙළ ගැස්මට අනුව මෙම තරගාවලියේදී කාණ්ඩ 39 ක් යටතේ තරග 1117 ක් පැවැත්වීමට නියමිතය.

මේ වසරේ (2021) ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි කේවල අනුශූරතාව හිමිකරගත් රසිඳු හෙන්දහේවා සමගින් බුවනෙක ගුණතිලක, විරේන් නෙත්තසිංහ, චමත් ඩයස්, රන්තුෂ්ක සසිඳු සහ දුමින්ද අබේවික්‍රම මෙම තරගාවලියේ පිරිමි කේවල ශූරතාව සඳහා තරග වදින ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් සිටිති.

කාන්තා බැඩිමින්ටන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන අෂිනි ප්‍රනාන්දු සමගින් 2019 වසරේ ජාතික ශූරිය වූ දිල්මි ඩයස් මෙන්ම චන්ද්‍රිකා ද සිල්වා, චමුදි අබේවික්‍රම, කාවින්දි ද සිල්වා, ජනනුවනි අමන්දා සහ නදීෂා ගයාත්‍රිද මෙම තරගාවලියේ කාන්තා කේවල ශූරතාව වෙනුවෙන් තරග වදින ඉදිරිපෙළ ක්‍රීඩිකාවෝ වෙති.

මෙම තරගාවලිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහයත් ලැබී ඇති අතර කොවිඩ් වසංගතයේ අවදානම හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය නීතිරෙගුලාසි අනුගමනය කරමින් තරගාවලිය පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත.  

 


අදහස් (0)

993 ක් නුවරඑළිය බැඩ්මින්ටන් පිටියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.