Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මොරටුව තරුණ කි‍්‍රස්තියානි සංගමය 4 වැනි වරටත් සංවිධානය කළ කනිෂ්ඨ බැඩිමින්ටන් තරගාවලියේ ශූරතා දිනාගැනීමට ලෂාන් මෙන්ඩිස්, ඩිල්මි ඩයස්, සමාධි සමමෙත්, ලිත්මි ගුණවර්ධන යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වූහ.
වයස අවුරුදු 14 න් පහළ සහ 16 න් පහළ ළමුන් සඳහා සංගම් ගෘහස්ථ කි‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට තරගකරුවෝ 115 කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වූහ.
ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස මොරටුව තරුණ කි‍්‍රස්තියානි සංගමයේ සභාපති බර්නාඞ් ප‍්‍රනාන්දු, සංගමයේ භාණ්ඩාගාරික සාන්ත ප‍්‍රනාන්දු සහ සංගමයේ අධ්‍යක්ෂ නිහාල් ප‍්‍රනාන්දු යන මහත්වරු එක්ව සිටියහ.
ඇස්ට්‍රොන් ලංකා පුද්ගලික සමාගම, එක්සාබයින්ඞ් සමාගම, මොරටුව පුවක්අරඔ ඒජන්සිස්, ප‍්‍රයිම් ග‍්‍රාමින් මයික්‍රෝ ෆයිනෑන්ස් ආයතනය, මොරටුව කොමර්ෂල් බැංකුව, මොරටුව හැටන් නැෂනල් බැංකුව සහ සිමාසහිත සිටිසන්ස් ඩිවලප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් යන ආයතන තරගාවලියට අනුග‍්‍රහය දැක්වීය.
තරග ප‍්‍රතිඵල
වයස 14 න් පහල බාලක
ශූරතාව - ලෂාන් මෙන්ඩිස්
අනු ශූරතාව - කේ. ඒ. ලෝචන සුපුන්
වයස 14 න් පහල බාලිකා
ශූරතාව - ඒ. වී. ඩිල්මි ඩයස්
අනු ශූරතාව - ඩබ්. ජනනුවනි අමන්දා
වයස 16 න් පහල බාලක
ශූරතාව - එච්. වී. පී. සමාධි සමමෙත්
අනු ශූරතාව - කවිදු මහවත්ත
වයස 16 න් පහල බාලිකා
ශූරතාව - ලිත්මි ගුණවර්ධන
අනු ශූරතාව - ඒ. තාරකා සෙනෙවිරත්න
ප‍්‍රධාන අමුත්තා බර්නාඞ් ප‍්‍රනාන්දු මහතා, ආරාධිත අමුත්තන් වන සාන්ත ප‍්‍රනාන්දු මහතා සහ නිහාල් ප‍්‍රදිනාන්දු මහතා, සංගමයේ කි‍්‍රඩා කමිටු සභාපති මෙන්ම බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමයේ ලේකම් ජේ. එස්. ඒ. ප‍්‍රනාන්දු මහතා, සංගමයේ ප‍්‍රධාන ලේකම් සම්පත් ප‍්‍රනාන්දු මහතා සහ අනෙකුත් නිලධාරින් සමග ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් ඡුායාරුපයෙන් දැක්වේ
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.