Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල සංවිධානය කළ අන්තර් ජාත්‍යන්තර පාසල් බැඞ්මින්ටන් තරගාවලියේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ශූරතා දෙකක් දිනා ගැනීමට සමත් විය.
මෙහිදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ වයස 17 න් පහළ බාලක කණ්ඩායම වට 3 - 0 ලෙස කොළඹ රෝයල් ඉන්ස්ටිටුට් ජාත්‍යන්තර පාසල පරාජය කරමින් ශූරයන් බවට පත්විය.
වයස 13 න් පහළ බාලිකා අවසන් මහා තරගයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක‍්‍රීඩිකාවෝ 2 - 1 ලෙස ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසල පරාජය කරමින් ශූරියන් බවට පත්වූහ.
වයස 17 න් පහළ බාලක ශූරතාව දිනූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් බැඞ්මින්ටන් කණ්ඩායම.
වයස 13 න් පහළ බාලිකා ශූරතාව දිනූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල බැඞ්මින්ටන් කණ්ඩායම.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.