වෙළඳ සේවා බැඞ්මින්ටන් සංගමය 32 වැනි වරටත් සංවිධානය කළ වෙළඳ සේවා බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට සෙලින්කෝ සමාගමේ මහේල තල්පාවිල සමත්විය. නේෂන් ට‍්‍රස්ට් බැංකුවේ ශිවිකා කේෂානි එහි කාන්තා කේවල ශූරතාව දිනාගත්තාය.
වෙළෙඳ සේවා සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවති මෙම තරගාවලියේදී එච්. ඞී. ඞී. එක්ස්ට‍්‍රෑට් සමාගමේ ආර්. ඩබ්ලිව්. මල්ලිකාරච්චි පරාජය කරමින් මහේල තල්පාවිල පිරිමි ශූරතාව දිනාගත්තේය.
ශිවිකා කේෂානි විවෘත කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට සමත්වූයේ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ රෝෂිනි ප‍්‍රනාන්දු පරාජය කිරිමිනි. ඉන් නෙනැවතුන ශිවිකා කේෂානි, නේෂන් ට‍්‍රස්ට් බැංකුවේම ශෂිනි සමරසිංහ සමග එක්ව කාන්තා යුගල ශූරතාවද දිනාගත්තාය.
නේෂන් ට‍්‍රස්ට් බැංකුවේ තාරක දිසානායක සහ ශමික නුගලියද්ද එක්ව පිරිමි යුගල ශූරතාව දිනාගත් අතර තාරක දිසානායක සහ ශෂිනි සමරසිංහ එක්ව මිශ‍්‍ර යුගල ශූරතාව දිනාගත්හ.
තරග ප‍්‍රතිඵල
විවෘත පිරිමි කේවල
මහේල තල්පාවිල (සෙලින්කෝ) විසින් ආර්. ඩබ්ලිව්. මල්ලිකාරච්චි (එච්. ඞී. ඞී. එක්ස්ට‍්‍රෑට්) පරාජය කරන ලදි.
විවෘත පිරිමි යුගල
තාරක දිසානායක සහ ශමික නුගලියද්ද (නේෂන් ට‍්‍රස්ට් බැංකුව) විසින් පී. ඞී. ගුණතිලක සහ කේ. ජී. ලොකුගමගෙ (එච්. ඞී. ඞී. එක්ස්ට‍්‍රෑට්) පරදවා පරාජය කරන ලදහ.
විවෘත කාන්තා කේවල
ශිවිකා කේෂානි (නේෂන් ට‍්‍රස්ට් බැංකුව) විසින් රෝෂිනි ප‍්‍රනාන්දු (බ‍්‍රැන්ඩිසක්ස්) පරාජය කරන ලදී.
විවෘත කාන්තා යුගල
ශිවිකා කේෂානි සහ ශෂිනි සමරසිංහ (නේෂන් ට‍්‍රස්ට් බැංකුව) විසින් කේතකී කෞශල්‍යා සහ තිලක්ෂි හේරත් (නේෂන් ට‍්‍රස්ට් බැංකුව) පරාජය කරන ලදහ.
මිශ‍්‍ර යුගල
තාරක දිසානායක සහ ශෂිනි සමරසිංහ (නේෂන් ට‍්‍රස්ට් බැංකුව) විසින් ශමික නුගලියද්ද සහ ශිවිකා කේෂානි (නේෂන් ට‍්‍රස්ට් බැංකුව) පරාජය කරන ලදහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.