
ශ්‍රී ලංකා බෝල් බැඩ්මින්ටන් සම්මේලනයේ හිස්ව තිබූ සභාපති තනතුරට එහි උප සභාපතිවරයෙකු වන ජනක පින්තු මහතා පත් විය.
කොළඹ ලයිට් හවුස් හිදී පැවැති එම සම්මේලනයේ විශේෂ මහ සභා රැස්වීමේදී ඔහුගේ පත් වීම සිදු කෙරුණි. එතෙක් සභාපති ධුරය දරමින් සිටි විශ්‍රාමික රියර් අද්මිරාල් එම්.යූ.කේ.සරත් බන්ඩාර මහතාගේ අභාවයෙන් එම ධුරය හිස්ව පැවැතුණි.
නව සභාපති පින්තු මහතාගේ ඉවත් වීමෙන් හිස්වූ උප සභාපති ධුරයට ඒ.එම්.එම්.එන්.අම්සාර් මහතා පත් විය.බෝල් බැඩ්මින්ටන් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධූරයේ ජේ.ඒ.ශ්‍යාමලී ආර්.රාජසූරිය මහත්මිය කටයුතු කරයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.