Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton බැඞ්මින්ටන් ශූරතා දෙකම ඔටර්ස් කී‍්‍රඩා සමාජයට

බැඞ්මින්ටන් ශූරතා දෙකම ඔටර්ස් කී‍්‍රඩා සමාජයට

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පළාත් අන්තර් සමාජ බැඩ්මින්ටන් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ පිරිමි සහ කාන්තා ශූරතා ද්විත්වයම දිනාගැනීමට ඔටර්ස් කී‍්‍රඩා සමාජය සමත්විය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ කී‍්‍රඩාගාරයේ පැවැති තරගාවලියේදී ඔටර්ස් කී‍්‍රඩා සමාජය විසින් ‘ඒ’ කාණ්ඩයේ පිරිමි අවසන් තරගයේදී බැන්ක්හිල් කී‍්‍රඩා සමාජයත්, ‘ඒ’ කාණ්ඩයේ කාන්තා අවසන් තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් පරාජය කරනු ලැබීය.

බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමය 40 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා කී‍්‍රඩා සංගම් 43 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 67 ක් සහභාගී වූහ.

තරගාවලියේ සම අනුග‍්‍රාහකයන් ලෙස එෆ්.කේ.සී.අයි. එෂියා (පුද්ගලික* සමාගම, මැලිබන් ආයතනය සහ හමීඩියාස් ආයතනය කටයුතු කළේය.  

 

පිරිමි අවසන් තරග ප‍්‍රතිඵල

  • ‘ඒ’ කාණ්ඩය - ඔටර්ස් කී‍්‍රඩා සමාජය විසින් තරග වට 3 - 1 ක් ලෙස බැන්ක්හිල් කී‍්‍රඩා සමාජයේ ‘ඒ’ කණ්ඩායම පරාජය කරන ලදී.
  • ‘බී’ කාණ්ඩය - සෙලාන් බැංකුව විසින් තරග වට 3 - 2 ක් ලෙස බැන්ක්හිල් කී‍්‍රඩා සමාජයේ ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී.
  • ‘සී’ කාණ්ඩය - මිලේනියම් තොරතුරු තාක්ෂණ කී‍්‍රඩා සමාජය විසින් තගර වට 3 - 1 ක් ලෙස වික්ටෝරියා කී‍්‍රඩා විද්‍යායතනය පරාජය කරන ලදී.
  • ‘ඞී’ කාණ්ඩය - පානදුර රාජකීය විදුහල විසින් තරග වට 3 - 1 ක් ලෙස කොළඹ කේරි විදුහල පරාජය කරන ලදී.

කාන්තා අවසන් තරග ප‍්‍රතිඵල

  • ‘ඒ’ කාණ්ඩය - ඔටර්ස් කී‍්‍රඩා සමාජය විසින් තරග වට 2 - 0 ක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරාජය කරන ලදී.
  • ‘සී’ කාණ්ඩය - අපොන්සු කී‍්‍රඩා සමාජයේ ‘බී’ කණ්ඩායම විසින් තරග වට 2 - 0 ක් ලෙස මයිටි ෂට්ලස් ‘බී’ කණ්ඩායම පරාජය කරන ලදී.

අදහස් (0)

බැඞ්මින්ටන් ශූරතා දෙකම ඔටර්ස් කී‍්‍රඩා සමාජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.