Last Update  :  2025-05-04 16:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Badminton අයැදුම්පත් කැඳවීම 30 දා අවසන්

අයැදුම්පත් කැඳවීම 30 දා අවසන්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 62 වැනි ජාතික බැඞ්මින්ටන් ශුරතාවලිය ඔක්තෝම්බර් මස 08 වැනිදා සිට 12 වැනිදා දක්වා නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදී ප‍්‍රධාන ඉසව්ව 5 ට අමතරව (පිරිමි කේවල, කාන්තා කේවල, පිරිමි යුගල, කාන්තා යුගල, මිශ‍්‍ර යුගල) බාලක බාලිකා වයස අවුරුදු 11 න් පහළ සහ 13 න් පහළ වයස් කාණ්ඩ සඳහා කේවල තරගද, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩ සඳහා කේවල සහ යුගල තරගද පැවැත්වේ.

ඉකුත් වසරේ පැවැති ජාතික බැඞ්මින්ටන් ශුරතාවලියේ කේවල පිරිමි ශූරතාව දිනාගැනීමට නිලූක කරුණාරත්න සමත්වූ අතර කේවල කාන්තා ශූරතාව දිනාගැනීමට ලේඛා ශෙහානි සමත්වූවාය.

තරගාවලියේ අයැදුම්පත් භාර ගැනීම මේ මස 30 වැනිදා පස්වරු 5.00 ට අවසන් වන අතර අයැදුම්පත් ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් මුලස්ථානයෙන් හෝ www.srilankabadminton.lk ශ‍්‍රී ලංකා බැඞ්මින්ටන් වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.


- 036


අදහස් (0)

අයැදුම්පත් කැඳවීම 30 දා අවසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.