Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෝහා කටාර්හිදී පැවැති 7 වැනි ආසියානු ගෘහස්ථ මලල ක‍්‍රීඩා තරගාවලියේ මීටර 800 කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ‍්‍රී ලංකා මැදි දුර ධාවන ශූරි නිමාලි ලියනආරච්චි අද (21) සමත්වුවාය. නිමාලි විනාඩි 2 යි තත්පර 04.88 ක කාලයකින් තරගය නිම කරමින් දස්කම් දැක්වුවාය.
අන්තර්ජාතික ගෘහස්ථ මලල ක‍්‍රීඩා තරගාවලියකදී මීටර 800 කාන්තා ඉසව්වෙන් ශ‍්‍රී ලංකාව පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ද මෙය වේ.
බහරේන්හි මර්කා ලෝටා (වි 2.04.59) මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර ජපානයේ යොමා කෙට්මොරා (වි 2.05.04) ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය.
ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී මීටර 800 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත් නිමාලි එහිදී විනාඩි 2 යි තත්පර 09.40 ක කාලයක් වාර්තා කළාය.
මෙම ආසියානු ගෘහස්ථ මලල ක‍්‍රීඩා තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පස්දෙනකු සහභාගි වු අතර එහිදී දිනාගත් දෙවැනි පදක්කම මෙයවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.