Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවති 27 වැනි ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියේ සමස්ත ශූරතාව සඳහා පිරිනැමෙන පී. එච්. අමරදාස වෛද්‍යතිලක අනුස්මරණ කුසලාන දිනාගැනීමට කොළඹ දිස්ති‍්‍රක් ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා කණ්ඩායම සමත්විය. තරගාවලියේ අනුශුරතාව දිනාගත්තේ ගම්පහ දිස්ති‍්‍රක් කණ්ඩායමයි.
පිරිමි සහ කාන්තා අංශ දෙකෙහිම දිස්ති‍්‍රක් ශූරතා දිනාගැනීමට සමත්වූයේද කොළඹ දිස්ති‍්‍රක් කණ්ඩායමයි. එම අංශ දෙකේම අනුශූරතා ගම්පහ දිස්ති‍්‍රක්කයට හිමිවිය. කළුතර දිස්ති‍්‍රක්කය නියෝජනය කළ එච්. එස්. පී. සිල්වා තරගාවලියේ දක්ෂතම මලල කී‍්‍රඩකයා බවට පත්විය.
මෙවර තරගාවලියේදී බිහිවූ නව තරග වාර්තා සංඛ්‍යාව 29 කි.
බ‍්‍රසීලයේ පෝටෝ අල්ග‍්‍රි නුවරදී පැවැත්වීමට නියමිත ලෝක ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරාගැනීමේ තරගාවලියක් ලෙසද මෙවර ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලිය සැලකිණ. දින තුනක් පුරා පැවැති මෙම කී‍්‍රඩා උළෙලේදී කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 20 ට වැඩි සංඛ්‍යාවක් ලෝක ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය පරිසාදන මට්ටම පසුකරයාමට සමත්වූහ.
ඔලිම්පික් සහ ලෝක ශූරතා පදක්කම් ලාභීනීයක මෙන්ම ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ උප සභාපතිනියකද වන සුසන්තිකා ජයසිංහ මහත්මිය තරගාවලියේ සමාප්ත උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූවාය.
ප‍්‍රතිඵල සටහන
- සමස්ත ශුරතාව - කොළඹ දිස්ති‍්‍රක්කය (ලකුණු 475)
- සමස්ත අනුශුරතාව - ගම්පහ දිස්ති‍්‍රක්කය (ලකුණු 327)
- දිස්ති‍්‍රක් ශුරතාව (පිරිමි) - කොළඹ දිස්ති‍්‍රක්කය (ලකුණු 263)
- දිස්ති‍්‍රක් අනුශුරතාව (පිරිමි) - ගම්පහ දිස්ති‍්‍රක්කය (ලකුණු 203)
- දිස්ති‍්‍රක් ශුරතාව (කාන්තා) - කොළඹ දිස්ති‍්‍රක්කය (ලකුණු 212)
- දිස්ති‍්‍රක් අනුශුරතාව (කාන්තා) - ගම්පහ දිස්ති‍්‍රක්කය (ලකුණු 120)
- දක්ෂතම කී‍්‍රඩකයා - එච්. එස්. පී. සිල්වා (කළුතර දිස්ති‍්‍රක්කය)
- ධාවන පථයේ හොඳම දක්ෂතාව (පිරිමි) - එච්. එස්. පී. සිල්වා (කළුතර දිස්ති‍්‍රක්කය) - වයස අවුරුදු 35 න් ඉහළ මීටර් 400 තරගය - තත්. 54.9 යි. (නව තරග වාර්තාවකි)
- ධාවන පථයේ හොඳම දක්ෂතාව (කාන්තා) - එම්. ජී. එල්. එස්. ඉරංගනී (හම්බන්තොට දිස්ති‍්‍රක්කය) - වයස අවුරුදු 35 න් ඉහළ මීටර් 100 තරගය - තත්. 12.9 යි. (නව තරග වාර්තාවකි)
- පිටියේ හොඳම දක්ෂතාව (පිරිමි) - ඩබ්. එම්. ආර්. එල්. වීරක්කොඩි (කෑගල්ල දිස්ති‍්‍රක්කය) - වයස අවුරුදු 35 න් ඉහළ දුර පැනීම තරගය - මීටර් 6.76 යි. (නව තරග වාර්තාවකි)
- පිටියේ හොඳම දක්ෂතාව (කාන්තා) - ඞී. සී. ඒ. දහනායක (ගම්පහ දිස්ති‍්‍රක්කය) - වයස අවුරුදු 35 න් ඉහළ තුන්පිම්ම තරගය - මීටර් 10.67 යි. (නව තරග වාර්තාවකි)
- අවුරුදු 35 න් ඉහළ වයස් කාණ්ඩයේ හොඳම දක්ෂතාව - එච්. එස්. පී. සිල්වා (කළුතර දිස්ති‍්‍රක්කය) - මීටර් 400 තරගය - තත්. 54.9 යි. (නව තරග වාර්තාවකි)
- අවුරුදු 45 න් ඉහළ වයස් කාණ්ඩයේ හොඳම දක්ෂතාව - ආර්. ඩබ්. ඞී. ගුණසේකර (කොළඹ දිස්ති‍්‍රක්කය) - දුර පැනීමේ තරගය - මීටර් 4.12 යි. (නව තරග වාර්තාවකි)
- අවුරුදු 55 න් ඉහළ වයස් කාණ්ඩයේ හොඳම දක්ෂතාව - ඩබ්. සෙල්ලහේවා (බදුල්ල දිස්ති‍්‍රක්කය) - මීටර් 100 තරගය - තත්. 12.5 යි. (නව තරග වාර්තාවකි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.