Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සත්කාරය දරන 2017 ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ ක‍්‍රීඩක ගම්මානය ඉදිකිරීම සඳහා හම්බන්තොට සූරියවැව මීගහජඳුර ප‍්‍රදේශයේ අක්කර 1800 ක පමණ භූමිභාගයක් දැනටමත් වෙන්කර තිබෙන බව හම්බන්තොට ආසියානු යොවුන් ක‍්‍රීඩා සංවිධාන කමිටුව පවසයි.
වසර 2017 දී පැවැත්වෙන තෙවැනි ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙල සංවිධානය කිරීම බාරවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ හම්බන්තොට නගරයටයි.
චීනයේ ”නැංජින්” නුවරදී සෙනසුරාදා (24) නිමාවට පත්වූ දෙවැනි ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයේදී මීළඟ ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ සත්කාරය නිල වශයෙන් පිරිනැමෙන ක‍්‍රීඩා ධජය ශ්‍රී ලංකාවේ හම්බන්තොට නගරයට පිරිනමන ලදී.
එහිදී එය සංකේතවත් කරමින් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු හා හම්බන්තොට පුරපති එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු යන මහත්වරු නැංජින් තරග සංවිධායකයන් වෙතින් ආසියානු ක‍්‍රීඩා උළෙලේ නිල ධජය සෙනසුරාදා රාත‍්‍රියේදී බාර ගත්හ.
මීගහජඳුර ක‍්‍රීඩා ගම්මානයේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 15,000 ක් හෙවත් කෝටි 1500 ක් පමණ වැය වෙනු ඇතැයි ගණන් බලා තිබේ.
මේ සම්බන්ධයෙන් 2017 ආසියානු යොවුන් ක‍්‍රීඩා සංවිධාන කමිටුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග පූර්ව සාකච්ඡුා වට කීපයක් පවත්වා තිබේ.
මීගහජඳුර ක‍්‍රීඩා ගම්මානයේ ඉදිකිරීම් අදියර 4 කින් වසර 2016 වන විට අවසන් කිරීමට නියමිතය.
ක‍්‍රීඩා ගම්මානයේ පාපන්දු, රග්බි, ටෙනිස්, බේස්බෝල්, පිහිනුම් හා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනද හෝටල් හා සාප්පු සංකීර්ණ ඇතුළුව ක‍්‍රීඩා අධ්‍යාපන පීඨයක්ද ඉදිකිරීමට සැළසුම් කර තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පවසන්නේ ශ්‍රී ලංකා සත්කාරය බාර ගැනීමට උත්සාහ ගත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල හා සැසඳීමේදී ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ සත්කාරයට වැය වෙන්නේ ඒ සඳහා යන වියදමෙන් දහයෙන් එකක් පමණක් බවය.
නැංජින් ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ මධ්‍යම රාත‍්‍රියේදී දිවයිනට ළඟාවීමට නියමිතව තිබුණි. ඒ අතර ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ක‍්‍රීඩා අමාත්‍යාංශ, ජාතික ඔලිම්පික් කමිටු බලධාරින් හා නැංජින් ක‍්‍රීඩා උළෙලේ සමාප්ත උත්සවයට සහභාගි වූ ශ්‍රී ලංකා නර්තන කණ්ඩායම් ඇතුළු සෙසු පිරිස් වෙනත් ගුවන් යානයකින් ඊයේ මධ්‍යම රාත‍්‍රියේම දිවයිනට ළඟාවීමට නියමිතව තිබිණ.
ක‍්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ක‍්‍රීඩා ඇමැති, අමාත්‍යාංශ ලේකම් ඇතුළු එහි ඉහළ පෙළේ නිලධාරීන් හා නිලධාරිනියන් ගණනාවක්ම නැංජින් ක‍්‍රීඩා උළෙල නැරඹීම සඳහා එහි ගොස් සිටි බවය.
අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු රජයේ දූත පිරිසක්ද නැංජින් ක‍්‍රීඩා උළෙල නැරඹීමට ගිය ශ්‍රී ලංකා පිරිස් අතර වූහ.
නැංජින් ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් පහක් දිනාගත් අතර ඒ මලල ක‍්‍රීඩා, ස්කොෂ් හා පිිහිනුම් යන ක‍්‍රීඩාවලිනි.
ක‍්‍රීඩා අටකින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 37 දෙනෙක් නැංජින් ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ. ඊට සහභාගි වූ රටවල් ගණන 44 කි. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගණන 2600 කට අධික විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.