Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවරදී දැන් පැවැත්වෙන 94 වැනි ඕස්ටේ‍්‍රලියා මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී මීටර 100 පිරිමි ඉසව්වේ අවසන් මහ තරගයේදී ශ‍්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර හිමාෂ හේෂාන් පස්වැනි ස්ථානය ලැබීය. හිමාෂ, අවසන් මහ තරගය තත්පර 10.50 කින් අවසන් කළ අතර ජයග‍්‍රහකයා වු කටාර් රාජ්‍යයේ ක‍්‍රීඩකයා තරගය අවසන් කළේ තත්පර 10.35 කිනි.
තත්පර 10.36 ක කාලයක් වාර්තා කරමින් මුලික වටයේ තරගය ජයගත් හිමාෂ, අවසන් පුර්ව වටයේ තරගය තත්පර 10.45 කින් නිම කරමින් දෙවැනි ස්ථානය ලබා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
මීටර 100 පිරිමි ඉසව්වේදී ක‍්‍රීඩකයකු ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවාලීමට නම් තත්පර 10.16 ක කාලයක් වාර්තා කළ යුතුවන අතර හිමාෂට එම අභියෝගය ජයගැනීමට මෙම තරගාවලියේදී නොහැකිවිය. මීටර 100 ඉසව්වෙන් හිමාෂ, වාර්තා කර ඇති හො`දම කාලය වන්නේ තත්පර 10.26 කි.
මෙම තරගාවලියේ මීටර 100 කාන්තා ඉසව්වේ අවසන් පුර්ව වටයේදී රුමේෂිකා රත්නායක පස්වැනි ස්ථානය ලබාගත්තද (තත්පර 11.99) අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව ඇයට අහිමි විය. රුමේෂිකා මුලික වටයේ තරගයේදී තත්පර 11.89 ක් ලබා තෙවැනි ස්ථානය ලැබුවාය.
ඕස්ටේ‍්‍රලියා මලල ක‍්‍රීඩා ශූරතාවලිය සඳහා ශී‍්‍ර ලංකාවෙන් ගිය අනෙක් කී‍්‍රඩිකාව වන නිමාලි ලියනාරච්චි මීටර 800 ඉසව්වේ අවසන් මහ තරගයේදී ලැබුවේ අටවැනි ස්ථානයයි. නිමාලි අවසන් තරගය තත්පර 2.08.54 කින් නිම කළාය.
ඕස්ටේ‍්‍රලියා තරගාවලියට සහභාගි වු හිමාෂ, රුමේෂිකා සහ නිමාලි පසුගියදා ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනාගත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.