Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics හිමාෂට යළිත් තහනමක්
මලල ක්‍රීඩා

හිමාෂට යළිත් තහනමක්

editorial - 2021 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කෙටි ධාවන ක්‍රීඩක ඩබ්ලිව්.කේ. හිමාෂ ඒෂාන්ට යළිත් තහනම් උත්තේජක ශරීරගත කර ගනිමින් තරග වැදුණු බවට චෝදනා එල්ලවෙයි. මෙම තත්ත්වය හමුවේ ඊයේ (8) සිට ඔහුට තාවකාලික තරග තහනමක් පනවා ඇතැයි ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා නිවේදනය කර තිබේ.

ඒ අනුව ඔහුගේ අභිමතය ලබා ගනිමින් ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා ලබන බදාදා (15) පෙරවරු 10.30ට කොළඹ සිය නියෝජ්‍යායතනය වෙත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නියෝජිතයෙකු සමග පැමිණෙන ලෙස ඔහුට සිවලී ජයවික්‍රම මහතා පෙරේදා ලිඛිතව දැනුම්දී තිබේ.

කෙසේ වුවත් අවසන් වරට පසුගිය ඔක්තෝබර් මාසයේ පැවැති යුද  හමුදා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවූ ඔහු මේ වනවිට ඉතාලිය බලා ගොස් ඇතැයි ද වාර්තාවේ.

මීටර් 100 පිරිමි ඉසව්වේ හිටපු ශ්‍රී ලංකා ජාතික වාර්තා ලාභියා වන නිමාෂ 2016 සාෆ් ක්‍රීඩා උළෙලේ එම ඉසව්වේ රන් පදක්කම්ලාභියාද විය. සිවලී ජයවික්‍රම මහතා ඔහුට පෙරේදා නිකුත් කර තිබෙන ලිපියට අනුව පසුගිය ඔක්තෝබර් 26 වැනිදා නාරාහේන්පිට යුද හමුදා නිල නිවාස සංකීර්ණය තුළදී අහඹු ලෙස සිදු කරන ලද බව කියන තහනම් උත්තේජක පරික්ෂණයේදී 2021 තහනම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුවේ අන්තර්ගත උත්තේජන ද්‍රව්‍යයක් ඔහුගේ ශරීරගතව තිබෙන බවට චෝදනා කර තිබේ.

ඒ අනුව ලෝක තහනම් උත්තේජක ආයතනය නිකුත් කර තිබෙන  නීති ප්‍රකාරව හිමාෂ ඒෂාන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගන්නා බවත් එමගින් දැනුම්දී තිබේ. හිමාෂ මීට පෙර  අවස්ථාවකදීත් මෙම චෝදනාව ලබා වසර කීපයකට තරග කට ලක්වුණු අතර පසුව ඔහු ඉදිරිපත් කළ අභියාචනයක් සැලකිල්ලට ගනිමින් එම තහනම ලිහිල් කෙරුණි.

 


අදහස් (0)

හිමාෂට යළිත් තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.