Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සාරංගි දුර පැනීමේ 13 වැනි තැනට
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

සාරංගි දුර පැනීමේ 13 වැනි තැනට

editorial - 2022 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ඊයේ (7 වැනිදා) රාත්‍රියේ පැවැති දුර පැනීම කාන්තා ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සාරංගි සිල්වා එහි 13 වැනි ස්ථානයට පත් වූවාය. අවසන් මහ තරගයේදී ඇය දැක්වූ ඉහළම දක්ෂතාව වූයේ මීටර් 6.07 කි.

ඇගේ පළමු උත්සාහය අසාර්ථක වූ අතර දෙවැනි සහ ‍තෙවැනි උත්සාහයන්වලදී ඇයට පැනිය හැකි වූ‍ දුර ලෙස සටහන් වූයේ පිළිවෙලින් මීටර් 6 ක් සහ මීටර් 6.07 කි. පළමු උත්සාහන් 3 තුළදී මුල් ක්‍රීඩිකාවන් 8 දෙනා අතරට ඇතුළත් වීමට නොහැකි වීම හේතුවෙන් සාරංගිට සෙසු උත්සාහයන් 3 අහිමි විය.

මෙම ඉසව්ව සඳහා සාරංගි දක්වා ඇති හොඳම පෞද්ගලික දක්ෂතාව මීටර් 6.65 ක් වන අතර ඇය අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී මීටර් 6.42 ක දක්ෂතාවක් දක්වමිනි. එහිදී ඇය ක්‍රීඩිකාවන් 18 දෙනකු අතරින් 10 වැනියා බවට පත්වූවාය.

දුර පැනීම කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට මීටර් 7 දක්ෂතාවක් දක්වමින් නව තරග වාර්තාවක් පිහිටවූ නයිජීරියාවේ ඒස් බූම් සමත් වූවාය. එය ඇගේ හොඳම පෞද්ගලික දක්ෂතාවද වූ අතර මින් පෙර ඇය දක්වා තිබූ ඉහළම දක්ෂතාව ලෙස සටහන් වී තිබුණේ මීටර් 6.78 කි.

ඕස්ට්‍රේලියාවේ බෘක් බස්ච්කුයෙල් මීටර් 6.96 ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අතර ගයානාවේ දෙබෝරා ඇකුවා මීටර් 6.94 ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කමටද හිමිකම් කීවාය.  


අදහස් (0)

සාරංගි දුර පැනීමේ 13 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.