Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් 144 ක්

ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් 144 ක්

editorial - 2022 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල )

දකුණු ඉන්දීය ප්‍රවීනයන්ගේ විවෘත මළළ ක්‍රීඩා ශුරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම පදක්කම් 144 ක් දිනා ගෙන යළි දිවයිනට පැමිණියේය.  එහිදී ශ්‍රී ලාංකික ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 84 ක් , රිදී පදක්කම් 40 ක් සහ ලෝකඩ පදක්කම් 20 ක් දිනා ගැනීමට සමත් වූ බව මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා සංගමයේ සභාපති තිස්ස සමරසිංහ මහතා කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය .

මෙම තරගාවලිය තුළ ශ්‍රී ලාංකික ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා කණ්ඩායම වැඩි වශයෙන් ධාවන සහ කඩුලු පැන දිවීමේ ඉසව් වලදී කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කළ බව තිස්ස සමරසිංහ මහතා පැවසීය .

මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකික ඉතිහාසයේ ප්‍රවීනයන්ගේ කණ්ඩායමක් අත් කර ගත් විශිෂ්ඨතම ජයග්‍රහණය බැව් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය . මෙම තරගාවලිය ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ උඩුපි හීදී පැවැත්විණ.


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් 144 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.