Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ල‍‍ංකාවට මිශ්‍ර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්

ශ්‍රී ල‍‍ංකාවට මිශ්‍ර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්

editorial - 2024 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තායිලන්තයේ  බැ‍‍‍‍‍ංකොක් නුවරදී දැන් පැවැත්වෙන 19 වැනි ආසියානු  කනිෂ්ඨ  මලල  ක්‍රීඩා  තරගාවලියේ අද (26) රාත්‍රියේදී  පැවති මීටර්  4 × 400 (මිශ්‍ර) ඉසව්වෙන් ශ්‍රී  ල‍‍ංකාව ලෝකඩ  පදක්කමක්  දිනා ගත්තේය.

ජත්ය කිරුලු, අජිත්මා විජේතුංග ,තේමින්ද රාජපක්ෂ, නුහන්සා කොඩිතුවක්කු  එහිදී  ශ්‍රී  ලංකා සහාය දිවීමේ  කණ්ඩායම  නියෝජනය  කළහ.

මෙහි රන් පදක්කම චීනයත් රිදී  පදක්කම ඉන්දියාවත් හිමි  කර ගැනීමට  සමත් වුහ.

හෙට (27) නිමාවට පත් වන මෙම තරගාවලියේදී  ශ්‍රී  ල‍‍ංකාව මේ වන විට මෙම  ලෝකඩ  පදක්කම  හැරෙන්නට එක් රිදී  පදක්කමක්  දිනා සිටියි.

තුන් පිම්ම (කන්තා) ඉසව්වෙන් නෙත්මිකා මධුෂානි හේරත් එම රිදී  පදක්කම දිනා සිටියි.වසර 1986 න් පසුව ශ්‍රී  ල‍‍ංකාව එම ඉසව්වෙන් මෙම  තරගාවලියේදී දිනා  ගත් පළමු පද්ක්කම එය වේ.ශ්‍රී  ල‍‍ංකාව අද දිනා  ගත් මිශ්‍ර  සහය  දිවීමේ  ඉසව්වේ තරග වාර්තාව  සතු වන්නේද ශ්‍රී  ල‍‍ංකාවටය. අදත් ශ්‍රී  ල‍‍ංකාව  තවත් සහය දිවීමේ ඉසව් අවසන් තරග කීපයකට සහභාගි වීමට නියමිතය.


අදහස් (0)

ශ්‍රී ල‍‍ංකාවට මිශ්‍ර ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.