Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics වේගවත්ම ධාවකයා යුපුන්

වේගවත්ම ධාවකයා යුපුන්

editorial - 2022 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර සුපුන් අබේකෝන් පෙරේරා ඊයේ (18) එරට ‘සැවෝනා’ නගරයේදී පැවැති අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගාවලියකදී මීටර 100 (පිරිමි) ඉසව්වේ මූලික වටයේදී තත්පර 10.04ක දක්ෂතාවයක් දැක්වීය.

සුළඟේ වේගය එම අවස්ථාවේදී +2.3ක අගයක් ගනිද්දී ඔහුගේ පෙරේදා දක්ෂතාවය සලකන්නේ ඕනෑම (කාලගුණික) තත්ත්වයක් යටතේ මෙරට මලල ක්‍රීඩකයෙකු මෙතෙක් දැක්වූ වේගවත්ම ධාවනය ලෙසයි.
 
ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී (2020) මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් තත්පර 10.34ක කාලයක් වාර්තා කළ සුපුන් අබේකෝන් මෙහි ශ්‍රී ලංකා වාර්තාවේද (තත්ත්පර 10.15) හිමිකරුවායි.

මෙම ඉසව්වේ ‘සාග්’තරග වාර්තාව තත්පර 10.26ක අගයක් ගන්නා අතර වසර 2016 ‘ගුවාහති’ ක්‍රීඩා උළෙලේදී එහි හිමිකරුවා වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක හිමාෂ ඒෂාන්ය.

යුපුන්ගේ ඉතාලියේ පෙරේදා මූලික වටයේ දක්ෂතා මෙම නිමි කාලයන් අභිබවා ගියත් ඔහුගේ තත්ත්පර 10.04 දක්ෂතාවය එම අවස්ථාවේ පැවැති කාලගුණික තත්ත්වයක් යටතේ වාර්තා පොතට ඇතුළත් නොවේ.

කෙසේ වුවත් ‘සැවෝනා’හිදී පෙරේදා පැවති මීටර 100 (පිරිමි) ඉසව්වේ අවසන් තරගයේදී යුපුන්ට අත්වූයේ තත්පර 10.16කට සිව්වැනි  ස්ථානයයි. රන් පදක්කම දිනාගත්තේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේදිත් රන් පදක්කම දිනා ගත් (තත්පර 9.80) ඉතාලි ක්‍රීඩක මාර්ෂල් ජේකොබ්ස්ය.


අදහස් (0)

වේගවත්ම ධාවකයා යුපුන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.