Last Update  :  2025-09-10 13:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics රුමේෂිකාගේ දස්කම් පාසලෙන් අගැයේ

රුමේෂිකාගේ දස්කම් පාසලෙන් අගැයේ

ශනුක අරවින්ද - 2016 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේදී පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ මීටර 100 සහ මීටර 100X4 කාන්තා ඉසව්වල රන් පදක්කම් සහ මීටර 200 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගනිමින් ත‍්‍රිත්ව පදක්කම් ලාභිනියක් වූ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ ශිෂ්‍යාවක් වන රුමේෂිකා රත්නායක ඇගයීමේ උත්සවයක් එම විදුහලේදී අද (18) පැවැත්විණි.

මෙම උත්සවයට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහභාගි විය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තාරක බාලසූරිය මහතාද මේ අවස්ථාවට සහභාගි වූහ.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් රුමේෂිකාට මුදල් ත්‍යාගයක් පිරිනැමූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

 


අදහස් (0)

රුමේෂිකාගේ දස්කම් පාසලෙන් අගැයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.