Last Update  :  2024-04-27 19:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics යොවුන් මැරතන් ශූරයා පවේන්ද්‍ර.. අර්ධ මැරතන් ශූරිය නිමේෂා

යොවුන් මැරතන් ශූරයා පවේන්ද්‍ර.. අර්ධ මැරතන් ශූරිය නිමේෂා

editorial - 2023 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ ජාතික යොවුන් ක්‍රීඩා වාර්ෂික මැරතන් (පිරිමි) තරගයේ ජය පැය 2 විනාඩි 50 තත්පර 07කට පවේන්ද්‍ර රමේෂ් මීගහපලගේට හිමි විය. ඔහු කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙවර යොවුන් ක්‍රීඩා මැරතන් (පිරිමි) තරගයට සහභාගී විය.

මෙවර 34 වැනි වරටත් සංවිධානය කෙරෙන ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ මැරතන් තරගාවලියේ කාන්තා ඉසව්ව අර්ධ මැරතන් තරගයක් ලෙස සංවිධානය කෙරුණු අතර එහි ජය හිමි වූයේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ඩබ්.එම්. නිමේෂා දර්ශනීටය.

කිලෝ මීටර 21 කට මදක් වැඩි වූ මෙහි දුර ගෙවා දැමීමට ඇයට ගතවූ කාලය පැය 1 විනාඩි 25 තත්පර 03කි.
මහරගම තරුණ සේවා මධ්‍යස්ථානය අසළින් ආරම්භ වූ මැරතන් (පිරිමි) ඉසව්ව හයිලෙවල් පාර ඔස්සේ ‘‘මීපේ’’ නගරයට ළඟාවී නැවත එම මාර්ගය ඔස්සේ මහරගමට පැමිණීමෙන් නිමාවට පත්විය.

ඒ සඳහා තරුණ සේවා සභාව විසින් පවත්වාගෙන යන දිවයින පුරා ස්ථාපිත යෞවන සමාජයන්හි සාමාජිකත්වය හොබවන ක්‍රීඩකයෝ 88 දෙනකු හා අර්ධ මැරතන් කාන්තා තරගය සඳහා ක්‍රීඩිකාවෝ 48 දෙනෙකු සහභාගී වූහ.
මෙම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් 30000 සිට 10 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග ප්‍රදානය කෙරුණි. තෙවැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රන්, රිදී හා ලෝකඩ පදක්කම් ප්‍රදානය කෙරුණි.

34 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල ලබන නොවැම්බර් 16, 17, 18, 19 යන සිව් දිනක් පුරා ක්‍රීඩා හා යොවුන් කටයුතු ඇමැති රොෂාන් රණසිංහ හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ටී. අනිල් සිරිවර්ධන මහතා පවසයි. ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය මැරතන් තරගාවලිය සංවිධානය කිරීමේදී තරුණ සේවා සභාවට සහයෝගය දැක්වීය.

මැරතන් (පිරිමි) ඉසව්වේ ශ්‍රී ලංකා ජාතික වාර්තාවට වසර 2003 සිට හිමිකම් කියන්නේ, පැය 2යි විනාඩි 16යි තත්පර 39කට අනුරාධ ඉන්ද්‍රජිත් කුරේය.

 

34 වැනි ජාතික යොවුන් ක්‍රීඩා මැරතන් තරාවලියේ ප්‍රතිඵල:
♦ පිරිමි :- 1. පවේන්ද්‍ර රමේෂ් මීගහපලගේ (කොළඹ - පැය 2 විනාඩි 50 තත්පර 07), 2. ධනුෂ්ක ප්‍රභාත් රත්නායක (බදුල්ල – 2.54.57), 3. තරුෂ අකලංක (කොළඹ – 3.02.17), 4. සජිත් මහේන්ද්‍ර (කුරුණෑගල – 3.09.07), 5. ඒ.එම්.එල්. විකුම් (මොනරාගල – 3.11.40), 6. එස්. බාලවිග්නේෂ් (නුවරඑළිය – 3.16.57), 7. නිමේෂ් තාරුක (කෑගල්ල – 3.30.35), 8. මොහොමඩ් සිම්සාර් (කළුතර – 3.36.34), 9. උෂාන් විජිත ජයකොඩි (පොළොන්නරුව – 3.36.59), 10. පී. සදීෂ් කුමාර් (මඩකලපුව - 3.47.91)

 

♦ කාන්තා (අර්ධ මැරතන්) :- 1. ඩබ්ලිව්.එම්. නිමේෂා දර්ශනී (මොනරාගල - පැය 1 විනාඩි 25 තත්පර 55), 2. කුමුදු කුමාරි සුගතපාල (මහනුවර – 1.28.03), 3. ආරුමුගම් අනුෂ්කා (නුවරඑළිය – 1.29.46), 4. ඉරේෂා සඳරේකා ප්‍රනාන්දු (කළුතර – 1.33.07), 5. ඩබ්ලිව්.එම්. සෙව්වන්දි (කළුතර – 1.34.11), 6. කේ.ඒ.ඩබ්ලිව්.එස්. මධුෂානි (කොළඹ – 1.37.41), 7. දිලිකා කළුපහන (කෑගල්ල – 1.42.56), 8. භාග්‍යා මධුෂානි (බදුල්ල – 1.46.37), 9. සත්සරණි කාරියවසම් (කෑගල්ල – 1.51.36), 10. නිල්මිණි සුබසිංහ (මාතර - 1.53.16)

 


අදහස් (0)

යොවුන් මැරතන් ශූරයා පවේන්ද්‍ර.. අර්ධ මැරතන් ශූරිය නිමේෂා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.