Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics යුපුන්ට කලින්ම එන්න අවසර

යුපුන්ට කලින්ම එන්න අවසර

editorial - 2023 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන තමන්ට පෙර පුහුණුවීම් සඳහා චීනයේ ‘හංජෝ’ නුවරට දින ගණනාවකට කලින් ළඟාවීම සඳහා ශ්‍රී ලංකා සුපිරි කෙටි ධාවන ශූර යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් කළ ඉල්ලීමකට අනුමැතිය දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කර තිබේ.

චිනයේ හංජෝ නුවරදී 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 8 වැනිදා දක්වා පැවැත්වේ. ඒ සඳහා යුපුන් අබේකෝන්  ඇතුළුව 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් සහභාගි වේ.

කෙසේ වුවත් සත්කාරක චීනය ගත් තීරණයට අනුව තරග වදින  දෙස් විදෙස්  සියලු ක්‍රීඩක  ක්‍රීඩිකාවන් සිය ඉසව්වට තරග වදින නියමිත දිනයට දින තුනකට කලින් පමණක් තමන් නවාතැන් ගන්නා හංජෝ ක්‍රීඩා ගම්මානයට ඇතුළුවීමට අවසර ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකා  සුපිරි කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් සැප්තැම්බර් 29  වැනිදා මීටර් 100 (පිරිමි) ඉසව්වේ මූලික වටයට සහභාගි වන අතර ඔහුට ‘හංජෝ’ නුවර ක්‍රීඩා ගම්මානයට ඇතුළු වීමට අවසර ලැබී තිබුණේ ඊට දින තුනකට කලින්ය.

මෙම තත්ත්වය තුළ යුපුන් අබේකෝන් කළ ඉල්ලීමකට අනුව සැප්තැම්බර් 19 වැනිදා වනවිට ඉතාලියේ සිට හංජෝ නුවරට ළඟාවන යුපුන් ඇතුළු ඔහුගේ ඉතාලි ජාතික පුහුණුකරු හා භෞත චිකිත්සකවරයාගේ අමතර දින සඳහා සියලු වියදම් දැරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය තීරණය කළ බව ‘ලංකාදීපය’ය කළ විමසුමක දී එහි ප්‍රධාන ලේකම්  සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසීය.

‘බර්මින්හැම්’ නුවර දී පැවැති 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට තරග වදිමින් 2022 අගෝස්තු  2 වැනිදා මිටර් 100 (පිරිමි) ඉසව්ව තත්පර 10.06ට නිමා කරමින් ලෝකඩ පදක්කම දිනාගත් යුපුන් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී  පදක්කමක් දිනාගනු ඇතැයි ඉහළින්ම බලාපොරොත්තු තබා සිටින ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකි. කෙසේ වුවත් මීටර් 200 (පිරිමි) ඉසව්වට තරග වැදීමේ අදහස ඔහු මේ වනවිට වෙනස් කරගෙන ඇත්තේ ඇතිවිය හැකි ආබාධ තත්ත්වයක් සැලකිල්ලට ගනිමිනි.


අදහස් (0)

යුපුන්ට කලින්ම එන්න අවසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.