Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics යුපුන් - නදීෂා පසුබෑමක

යුපුන් - නදීෂා පසුබෑමක

editorial - 2024 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

එක්සත්  අරාබි  එමීර්  රාජ්‍යයේ ඩුබායි  නුවරදී  අද  (3) රාත්‍රියේදී  නිමාවට පත්වූ ඩුබායි  ග්‍ර්‍ර්‍රෝන්  - ප්‍රී මලල  ක්‍රීඩා  තරගාවලියට සහභාගි  වූ ශ්‍රී  ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්  සිව් දෙනාගෙන් කැපී පෙනෙන දක්ෂතා  පළ නොවුහ.

ඔවුන්ගේ මුලිකම අවශ්‍යතාවය වූ පැරිස්  ඔලිම්පික්  උලෙළ  සදහා  නිර්දේශ  ලබා ගැනීමේ උත්සාහය  ඒ අනුව තවත් ඈතට ගිය බව අද ඔවුන්ගේ  දක්ෂතා අවම වීමෙන් පෙන්නුම්  කළේය

ඉතාලියේ  සිට පැමිණි  ශ්‍රී  ල‍‍ංකා  කෙටි  ධාවන  ශූර යුපුන්  ප්‍රියදර්ශන  අබේකෝන්  එහිදී   තත්පර  10.08 කට මිටර්  100 (පිරිමි) ඉසව්වෙන් තෙවැනි  ස්ථානය  ලැබීය.

මෙහි පැරිස් ඔලිම්පික් නිර්දේශ  අවම සුදුසුකම තත්පර  10.00 කි.කෙසේ වූවත් මීට ඉහත අවස්ථාවකදී යුපුන් මෙම  ඉසව්වෙන්  තත්පර  9.96 ක මෙතෙක්  සිය  හොඳම  දක්ෂතාවය පෙන්වා තිබේ.

මිටර්  400 ක්‍රීඩිකා නදීෂා  රාමනායක අද ඩුබායි  නුවරදී  සිය ඉසව්වේන් පෙන්නුම්  කළේ තත්පර  52.51 දක්ෂතාවයකි.එහෙත් ඇය ආසියානු (2023) ශූරතා තරගාවලියේදී  මිටර් 400 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කම  දිනා ගත්තේ තත්පර  52.61දක්ෂතාවයක් දක්වමිණි.

මෙහි පැරිස්  ඔලිම්පික්  අවම සුදුසුකම තත්පර  50.95 කි.


අදහස් (0)

යුපුන් - නදීෂා පසුබෑමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.