Last Update  :  2024-05-06 15:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මීටර 400 න් පදක්කම් දෙකක්

මීටර 400 න් පදක්කම් දෙකක්

editorial - 2023 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

දකුණු කොරියාවේ යෙචියොන් නුවර දී අද (4) ආරම්භ වූ 20 වැනි ආසියානු 20 න් පහළ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව  මීටර් 400 (කාන්තා) ඉසව්වෙන් රිදී  පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

තරුෂි දිල්හාරා කරුණාරත්න තත්පර 53.70 කට එහිදී ශ්‍රී ලංකාවට රිදි පදක්කම දිනා දෙන අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ජයෙෂි උත්තරා තත්පර 55.51කට එහි ලෝකඩ පදක්කම අත්කර ගත්තාය.

19 හැවිරිදි වියේ පසුවන මෙම  ක්‍රීඩිකාවන් අතරින් තරුෂි දිල්හාරා වලල ඒ රත්නායක  මැදි විදුහලේ සිසුවියකි. ඇය ගම්පහ සිරිකුරුස බාලිකා විදුහලේ උත්තරා ඉගෙනුම ලබන්නීය.

මෙම ඉසව්වේ රන් පදක්කම තවමත් 15 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ක්‍රීඩිකා  හිනා මලික් රෙසෝනා දිනා ගත්තේ තත්පර 53.31 කටය. මෙම ක්‍රීඩිකවන්  දෙදෙනා මූලික දෙවැනි තරගයේ ධාවනයේ යෙදිමේදී තරුෂි තත්පර 53.99 කාලයක් වාර්තා කරමින් ද උත්තරා තත්පර 55.63ක කාලයක් ද වාර්තා කරමින් අවසන් මහ තරගයට ප්‍රවේශ වූහ.

මෙම පදක්කම් දෙක හමුවේ තරගාවලියේ ආරම්භක දිනයේදීම ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ හත්වැනි ස්ථානයට පත්විය. ඒ විට සත්කාරක ජපානය රන් පදක්කම් තුන් දිනා එහි පෙරමුණේ පසුවිය. අවසන් වරට වසර 2018 ජපානය විසින්ම සත්කාරය දැරූ (ගිෆු නුවර දී ) තරගාවලියේදී ද ශ්‍රී ලංකාව මෙම ඉසව්වෙන් රිදි පදක්කමක් දිනා තිබේ. ඒ. ඩිල්ෂි කුමාරසිංහ විසින් තත්පර 54.03ක කාලයක් වාර්තා කරමිනි.

මේ අතර මීටර් 100 (පිරිමි) ඉසව්වේ මූලික වටය කඩ ඉම තත්පර 10.79කට ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක මෙරුන් ජුලියන් විජේසිංහ සමත් වුවත් අවසන් පූර්ව වටයේදී ඔහුගේ පරාජය (තත්පර 10.75) අවසන් තරගයේ අවස්ථාව ඔහුට අහිමි කළේය. එහෙත් තත්පර 10.75 මෙතෙක් ඉසව්වේ ඔහුගේ හොඳම දක්ෂතාව බවට පත්විය.

මීටර් 100 ශ්‍රී ලංකා ක්‍රීඩිකා දිතාරු රස්මි බණ්ඩාර දෑල ඊයේ මූලික වටයේදී තත්පර 12.04ක කාලයක් වාර්තා කරමින් එහි අවසන් තරගයට නිර්දේශ ලබා  ගත්තාය.

 මීටර් 400 කඩලු පැන දිවීමේ ක්‍රීඩක විනෝද් ආරියවංශ, තුන් පිම්ම ක්‍රීඩක කේ.බී. මලිත් යසිරු, මීටර් 800 ක්‍රීඩිකා තරුෂි දිල්හාරා, මීටර් 800 ක්‍රීඩික යසිරු  දිල්රංග හෙට (5) දිනයේ දී තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.  


අදහස් (1)

මීටර 400 න් පදක්කම් දෙකක්
  • SUNIL MILANO Monday, 05 June 2023 07:19 PM

    අපේ මවුබිම රනින් බබලවන්න නුඹලාට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා දුවේ පුතේ...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.