Last Update  :  2026-05-20 19:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මාස්ටර් මලල ක්‍රීඩා සංගමයට එරෙහිව නිර්දේෂ ක්‍රියාත්මක කරන්න කියයි

මාස්ටර් මලල ක්‍රීඩා සංගමයට එරෙහිව නිර්දේෂ ක්‍රියාත්මක කරන්න කියයි

editorial - 2026 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

මාස්ටර් (ප්‍රවීණයන්ගේ) මලල ක්‍රීඩා සංගමයේ සභාපති එච්.ඒ.උපාලි මහතාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන චෝදනා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ නිර්දේෂ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්.අච්චුදන් මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට දැනුම් දී තිබේ. 

ඒ සම්බන්ධයෙන් නිර්දේශ ක්‍රියාත්මක කර තමන් වෙත දැනුම්දීමට කටයුතු කරන ලෙසත් එහිදී මලල ක්‍රීඩා ආයතනයට ලිපියක් යොමු කරන ලෙසත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා  දැනුම්දී තිබේ.

නිලධාරීනියන්ට හිරි හැර කිරීම, මූල්‍ය වංචා, බලය අනිසි ලෙස පාවිච්චි කිරීම, මිනිස් ජාවාරම් යන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම මැයෙන් එම ලිපිය යොමු කර තිබේ.

මේ වන විට මෙරට ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගම් දෙකක් ක්‍රියාත්මක වේ.කෙසේවූවත් එච්.ඒ.උපාලි මහතා සභාපතිත්වය දරන මාස්ටර් මලල ක්‍රීඩා ශ්‍රී ලංකා සංගමය ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ප්‍රවීණයන්ගේ නිල සංවිධානය ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පිළිගනියි.

එහෙත් ඊට ලෝක ප්‍රවිණයන්ගේ නිල මලල ක්‍රීඩා සංගමයේ පිළිගැනීම හිමි නොවන අතර ඒ වෙනුවට ඔවුන් ශ්‍රී ලංකාවේ නිල නියෝජිත සංවිධානය ලෙස පිළි ගන්නේ ශ්‍රී ලංකා මාස්ටර් (ප්‍රවීණයන්ගේ) මලල ක්‍රීඩා සංගමයයි.

මෙරට මලල ක්‍රීඩා ප්‍රවීණයන් කොටසක් පැවැති පළමු සංගමයෙන් බෙදීයාම මෙම දෙපාර්ශවයක් ඇතිවීමට හේතුවයි.ශ්‍රී ලංකාවේ බෙදී සිටින මෙම දෙපාර්ශවය සම්බන්ධයෙන් අවශ්‍ය සුදුසු පියවර ගැනීමට කටයුතු කරන ලෙසත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මලල ක්‍රීඩා සංගමය දැනුවත් කර තිබේ.

ඒ අතර 2025 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග  හා එහි සංශෝධන ප්‍රකාරව වාර්ෂික මහ සභා රැස්වීමකදී හෝ විශේෂ මහ සභා රැස්වීමකදී පමණක් සහාපති, ලේකම්, භාණ්ඩාගාරික යන තනතුරු පුරප්පාඩු පිරවීමට කිරීම මෙන්ම සෙසු තනතුරු විධායක කමිටු රැස්වීමකදී පිරවීමටත් මාස්ටර් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාා විසින් මලල ක්‍රීඩා ආයතනයට යොමු කළ අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

පසුගිය මැයි 3 වැනිදා කොළඹ බ්‍රිස්ටල් වීදියේදී පැවැති මාස්ටර් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ  වාර්ෂික මහ සභා රැස්වීමේදී  සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට එහි සාමාජිකයන් කීප දෙනකු මලල ක්‍රීඩා ආයතනය හා ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි කර ඇතැයි වාර්තාවේ.

ඒ අතර සංගමයේ වාර්ෂික ගිණුම් වාර්තා විනාඩි කීපයක් තුළදී උපායශීලිව අනුමත කර ගැනීම පිළිබදවත් ඒ සදහා සංගමයේ සාමාජිකයන් නොවන පිරිස්ද ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සහභාගි කර ගත් බවටද සභාපතිවරයාට චෝදනා එල්ලවී තිබේ.කෙසේවූවත් ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම්දී ඇති පරිදි මෙරට  මලල ක්‍රීඩා ආයතනයේ සාමාජිකත්වය දරන එකී සංගමයට එරෙහිව මෙතෙක් විමර්ෂන ආරම්භ කර නැතැයිද පැමිණිළිකරුවෝ පවසති.


අදහස් (0)

මාස්ටර් මලල ක්‍රීඩා සංගමයට එරෙහිව නිර්දේෂ ක්‍රියාත්මක කරන්න කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.