Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වියට්නාමයේදී පැවැති 17 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ එකදු පදක්කමක් හෝ දිනා ගැනීමට නොහැකිව හිස් අතින් දිවයිනට පැමිණියහ. ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 24 දෙනකු සහභාගි වු මෙම තරගාවලියේ පදක්කම් දිනා ගැනීමට හැකි යැයි අපේක්ෂා කළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් එම අවස්ථා ගිලිහී යාම ද අවාසනාවන්ත කරුණකි.
තුන් පිම්ම ඉසව්වට සහභාගි වු ගේෂාන් ධනංජය මීටර 15.98 ක දුරක් පනිමින් සිවුවැනි ස්ථානයට පත් වු අතර එය ධනංජයගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙසද වාර්තාවේ. එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත් ක‍්‍රීඩකයා දක්වා තිබු දස්කම වන්නේ මීටර 15.99 කි.
දුර පැනීමේ පිරිමි ඉසව්වේදී මීටර 7.60 ක දුරක් පැන්න ධනංජයට එයින් ද හිමි වුයේ සිවුවැනි ස්ථානයයි.
මීටර 800 ඉසව්වට සහභාගි වු මිතුන් මිහිරංග, විනාඩි 1යි තත්පර 55.96 කින් මුලික වටය නිම කර අවසන් තරගයට සුදුසුකම් ලැබුව ද මිතුන් එයින් හය වැනි ස්ථානය ලැබීය.
මීටර 400 කාන්තා අවසන් මහා තරගයේදී ඔමායා උදයංගනී (තත්පර 56.74) හය වැනි ස්ථානයට පත්වුවාය. එහි රන් පදක්කම දිනා ගත්තේ ඉන්දීය ක‍්‍රීඩිකාවකි.
අකිල රවිශංක මීටර 110 කඩුලූ පැන දිවීම ඉසව්වේදී හය වැනි ස්ථානයට පත්විය. අකිල තරගය නිම කිරීමට තත්පර 14.20 ක කාලයක් වාර්තා කළේය.
හෂිනි බාලසුරිය තුන් පිම්ම කාන්තා ඉසව්වේදී මීටර 12.61 ක දුරක් පැන හත්වැනි ස්ථානයට පත්වුවාය.
ශ‍්‍රී ලංකාවට පදක්කමක් දිනා ගැනීමට තිබු ආසන්නතම අවස්ථාව අහිමිව ගියේ මීටර 400 කඩුලූ පැන දිවීම පිරිමි ඉසව්වේ අවාසනාවන්ත අයුරිනි.
උදිත චන්ද්‍රසේන, අවසන් තරගයේ පළමු ක‍්‍රීඩකයන් තිදෙනා අතරට එමින් තරගය අවසන් කිරීමට මීටර 25 ක් තිබියදී අවසන් කඩුල්ල පැන යාමට දැරූ උත්සාහය අසාර්ථක වෙමින් පදක්කමක අපේක්ෂා බිද වැටිණ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.