Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩා අවසන් මහා තරග 31 දා

මලල ක්‍රීඩා අවසන් මහා තරග 31 දා

editorial - 2024 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් මහා තරඟ සහ සමාප්ති උත්සවය ඉරිදා (31 වැනිදා) යුදහමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙවර යුද්ධ හමුදා මළල ක්‍රීඩා උළෙල සදහා රෙජිමේන්තු 21ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 575 තරග කළහ. නව තරග වාර්තා හයක් සමගින් තරගාවලියේ පළමු අදියර පසුගිය 23 වැනිදා නිමාවට පත් විය. 

තරඟාවලියේ දෙවැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව පිරිමි අංශයේ පෙරමුණ ගැනීමට සමත්වූ අතර ශ්‍රී ලංකා කාන්තා බලකාය කාන්තා අංශයේ පෙරමුණේ පසුවිය. 

මීටර් 100 සහ මීටර 200 පිරිමි ඉසව්වලත්, මීටර් 3000 බාධක දිවීමේ (පිරිමි) ඉසව්වේත්, කාන්තා මීටර්10,000 ඉසව්වේත්, කාන්තා මීටර් 100ං4 ඉසව්වේ සහ කාන්තා සත් ප්‍රයාම ඉසව්වේ දි නව තරග වාර්තා පිහිටුවන ලදි. 

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අරුණ දර්ශන මීටර් 200 ඉසව්ව තත්පර 20.45කින් අවසන් කිරීම මෙතෙක් ශ්‍රී ලංකාවේදී මලල ක්‍රීඩකයෙකු දක්වන ලද හොඳම කාලය වීමද විශේෂත්වයකි. 

එම ඉසව්වේ රිදීපදක්කම තත්පර 20.59 කින් තරඟය නිමකළ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කාලිංග කුමාරගේ විසින් දිනාගත් අතර ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මොහොමඩ් සෆාන් විසින් දිනාගනු ලැබුවේ තරගය තත්පර20.96කින් තරඟය නිම කරමිනි. 

මේ අතර පිරිමි මීටර් 100 ඉසව්ව තත්පර 10.42 කින් නිමකර නව තරගාවලි වාර්තාවක් පිහිටුවමින් රන්පදක්කම ශ්‍රී ලංකා විදුලි හා ඉංජිනේරු බලකායේ වයි.සී.එම්.‍යෝධසිංහ දිනාගන්නා ලදී.

කාන්තා මීටර් 10,000 ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමට හිමිකම් කීමට එම තරගය මිනිත්තු 35:01:91 කින් නිමකළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ එම්.‍ආර්.වීරසූරිය සමත් විය.

කාන්තා සත් ප්‍රයාම ඉසව්වේ නව තරග වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට කාන්තා බලකායේ ලක්ෂිකා සුගන්ධි සමත් වූ අතර එහිදී ඇය ලකුණු 4426 ක් රැස් කරගන්නා ලදී. 

කාන්තා මීටර් 100 සහාය දිවීමේ ඉසව්වේ නව තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා සංඥා බලකා කාන්තා කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම නියෝජනය කරමින් ටී.ඒ.මුතුකුමාරණ, අමාශා ද සිල්වා, ශෆියා යමික් සහ සුභානි අබේරත්න සහභාගී වූහ.


අදහස් (0)

මලල ක්‍රීඩා අවසන් මහා තරග 31 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.