Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ප‍්‍රාථමික අංශයේ දරුවන්ට ‘කිඞ්ස් ඇත්ලටික්ස්’ ශක්තිය

ප‍්‍රාථමික අංශයේ දරුවන්ට ‘කිඞ්ස් ඇත්ලටික්ස්’ ශක්තිය

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධ්‍යාපන අමාත්‍යංශය සහ නෙස්ලේ ලංකා සමාගම එක්ව ශ්‍රී ලංකාවේ ප‍්‍රාථමික අංශයේ පාසල් දරුවන්ගේ ශාරීරික ක‍්‍රියාකාරකම් ප‍්‍රවර්ධනය කිරිම සඳහා මෙහෙයවන ‘කිඞ්ස් ඇත්ලටික්ස්’ වැඩසටහන මෙම මස අවසානයේ ආරම්භ වේ.

මෙම වැඩසටහනට නිල වශයෙන් අනුග‍්‍රහය පිරිනැමීම පසුගියදා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සියලූම පාසල්වල 3 වැනි ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා දරුවන් ක‍්‍රීඩාවට උනන්දු කිරීමේ පියවරක් ලෙස මෙය ක‍්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ විශේෂඥ පුහුණුකරුවන් යටතේ පුහුණුව ලැබූ ප‍්‍රාථමික අංශ පාසල් ගුරුවරු අධ්‍යාපන කොට්ඨාස 98 ක් තුළ ක‍්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහිදී පාසල් වේලාවෙන් මිනිත්තු 25 ක කාලයක් මෙම පුහුණුව සඳහා ලබාගන්නා අතර සෑම දරුවකුටම ක‍්‍රීඩාවක නිරතවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය නිර්දේශ කර තිබේ.

මෙහිදී මලල ක‍්‍රීඩා, ජිම්නිස්ටික්, වොලිබෝල්, දැල්පන්දු, රග්බි සහ පාපන්දු යන ක‍්‍රීඩා හය කුඩා දරුවන්ට ගැලපෙන ආකාරයට සකස් කර ක‍්‍රියාත්මක කරයි.

ශ්‍රී ලංකාවේ පාසල් ක‍්‍රීඩාවට අනුග‍්‍රහ දක්වන ආයතන අතර ඉදිරියෙන් සිටින නෙස්ලේ ලංකා සමාගම 2010 වසරේ සිට ක‍්‍රියාත්මක කරන ‘නෙස්ලේ හෙල්දි කිඞ්ස්’ වැඩසටහනට මේ වන විට දරුවන් 11,000 ක් පමණ සහභාගි වී තිබේ.

අනුග‍්‍රහය පිරිනැමීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ඒ ඒ ක‍්‍රීඩාව පිළිබඳව දැනුම ඇති පුහුනුකරුවන් නොමැතිවීම දැඩි ප‍්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් ඉදිරියේදී එවැනි ක‍්‍රීඩා ගුරුවරු බදවා ගැනීමට බලාපොරොත්තු වන බවත්ය.

‘‘පුහුනුකරුවන් වෙනුවෙන් මුදල් ගෙවීමට වීම දරුවන්ට බර වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී ජාතික පාසල් 351 ට කෝටි 45 ක් දරුවකුට රුපියල් 1000 ක් හෝ 500 ක් වන පරිදි ලබාදීමට සැළසුම් කරලා තියෙනවා’’ යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම අවස්ථාවට සහභාගි වූ නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ශිවානි හෙග්ඞ් මහත්මිය පැවසුවේ මෙම වැඩසටහන දිවයින පුරා රැගෙන යමින් දිනකට දරුවන් 30,000 ක පමණ ජීවිතය සවිබලගැන්වීමට හැකිවන බවයි.

 

 

 

 

 

 

 

 

 

 

 

නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ශිවානි හෙග්ඞ් මහත්මිය විසින් අනුග‍්‍රහක චෙක්පත අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිල වශයෙන් ප‍්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූපය: වරුණ වන්නිආරච්චි)
 


අදහස් (0)

ප‍්‍රාථමික අංශයේ දරුවන්ට ‘කිඞ්ස් ඇත්ලටික්ස්’ ශක්තිය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.