Last Update  :  2026-04-09 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නුවන් ඉන්දික - ප්‍රදීප් සෝමසිරි සිඩ්නි මලල ක්‍රීඩා තරගාවලියට

නුවන් ඉන්දික - ප්‍රදීප් සෝමසිරි සිඩ්නි මලල ක්‍රීඩා තරගාවලියට

editorial - 2026 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ පළපුරුදු පැරා ක්‍රීඩකයන් දෙදෙනකු වන නුවන් ඉන්දික සහ  ප්‍රදීප් සෝමසිරි 2026 ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මලල ක්‍රීඩා තරගාවලිය සදහා ආරාධනා ලැබ සිටිති. මෙම තරගාවලිය අප්‍රේල් 9 සිට 12 දින දක්වා සිඩිනි නුවර ඔලිම්පික් උද්‍යාන ක්‍රීඩාංගණයේදී  පැවැත්වේ. මෙම තරගාවලිය ඕස්ට්‍රේලියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ රිදී කාණ්ඩයේ තරගාවලියක් ලෙස සැලකේ.

නුවන් ඉන්දික පැරා ක්‍රීඩා අංශයේ  T44 කාණ්ඩයෙන් දුර පැනීම සහ මීටර් 100 ඉසව් දෙකට සහභාගි වීමට නියමිතය. ප්‍රදීප් සෝමසිරි T46  කාණ්ඩයේදී මීටර් 1500 ඉසව්වට සහභාගී වේ.

අද (9) නුවන් ඉන්දික සහභාගී වන දුර පැනීමේ තරගය ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් සවස 5.30 ට ආරම්භ වේ.

ප්‍රදිප් සෝමසිරි සහභාගී වන මීටර් 1500 තරගය මස 10 වැනිදා ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් රාත්‍රී 8.05 ආරම්භ වේ.

නුවන් ඉන්දික සහභාගී වන මීටර් 100 ඉසව්ව අප්‍රේල් මස 11 වැනිදා ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් සවස 4.55 ආරම්භ වීමට නියමිතව ඇත.


අදහස් (0)

නුවන් ඉන්දික - ප්‍රදීප් සෝමසිරි සිඩ්නි මලල ක්‍රීඩා තරගාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.