Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන්

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන්

editorial - 2022 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ඉතාලියේදී පැවැත්වෙන කැස්ටිලියෝන් මළල ක්‍රීඩා උළෙලේ මීටර 200 ඉසව්වේදී තත්ත්පර 20.37 ක කාලයක් සනිටුහන් කරමින් නව ආසියානු වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් විය.

එහිදී ඔහු විසින් බිඳ දමන ලද්දේ ඉන්දියාවේ අම්ලන් බොර්ගොහේන් විසින් පසුගිය අප්‍රේල් මාසයේදී තත්ත්පර 20.52 ක කාලයක් සනිටුහන් කරමින් පිහිටවනු ලැබූ ආසියානු වාර්තාවයි.  මීටර් 200 ඉසව්වේ පැරණි ශ්‍රී ලංකා වාර්තාව විනෝද් සුරංජය සතුවූ අතර එය 2018 වසරේදී තත්ත්පර 20.68 ක කාලයකට පිහිටුවන ලද්දකි.

පන්නල ජාතික පාසලෙන් මලල ක්‍රීඩාවට පිවිසි යුපුන්, පසුව වෙන්නප්පුව ශා. ජෝෂප් වාස් විදුහලට පැමිණියේය. යුපුන්, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදීත් ශ්‍රී ලංකාව නියෝජනය කළේය.  ඔහු මෙම වසරේදී එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහ චීනයේ හන්ජෝ නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටී.

මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාවටද යුපුන් හිමිකම් කියන අතර එහිදී ඔහුගේ වාර්තාගත කාලය ලෙස සටහන් වන්නේ තත්ත්පර 10.15 කි.

ඉතාලියේ සැවෝනා නුවරදී පැවැති මලල ක්‍රීඩා තරගයක මූලික වටයේදී  මීටර 100 ඉසව්ව තත්ත්පර 10.04 කින් නිමකළද එම තරගයේදී සුළගේ වේගය තත්ත්පරයට මීටර +2.30 ක් ලෙසින් සටහන් වීම හේතුවෙන් ඔහුට තවත් ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට තිබූ අවස්ථාව අහිමි විය. එහි අවසන් තරගයේදී යුපුන් තත්ත්පර 10.16 ක කාලයක් වාර්තා කළ අතර ඉසව්වේ රන් පදක්කම දිනාගන්නා ලද්දේ ඔලිම්පික් රන් පදක්කම දිනාගත් මාෂල් ජේකබ්ස් විසිනි.

මේ වන විට දකුණු ආසියානු ක්‍රීඩකයන් අතර වේගවත්ම මිනිසා ලෙසින් ඉදිරියට එමින් සිටී.

කෙටි දුර ඉසව් 4 ක් වෙනුවෙන් යුපුන් අබේකෝන් සටහන් කළ වේගවත්ම කාලයන් පහත පරිදි වේ.
මීටර 60     - තත් 6.59
මීටර 100    - තත් 10.15
මීටර 150    - තත් 15.16
මීටර 200    - තත් 20.37

ඡායාරූපය - ට්විටර් සමාජ ජාලයෙනි...


අදහස් (0)

දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා යුපුන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.