Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තානාපති කාර්යාලය හා කියද්දී ක්‍රීඩකයා බෑ කීමෙන් ගමන කොට උඩ

තානාපති කාර්යාලය හා කියද්දී ක්‍රීඩකයා බෑ කීමෙන් ගමන කොට උඩ

editorial - 2024 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

ශ්‍රී  ලංකාවේ ඇමරිකානු තානාපති  කාර්‍යාලය සිය තීරණය  වෙනස් කරමින් බහාමාස්හි පැවැත්වෙන  ලෝක සහය  දිවිමේ තරගාවලියට  නම් කර සිටි ශ්‍රී ලංකා මීටර්  400 × 4 (පිරිමි) කණ්ඩායමට ඇමරිකාව  හරහා  ගමන්  කිරිම  සදහා වීසා  නිකුත්  කිරිමට  ඊයේ (2) කැඳවීම්  කළ බව වාර්තාවේ. කෙසේවුවත්  ඊයේ උදෑසන  ශ්‍රී  ල‍‍ංකා  සහය  දිවීමේ  කණ්ඩායම කොළඹ  ඇමරිකානු  තානාපති  කාර්‍යාලයේ පෙනී සිටින අතර හදිසියේ එහි එක් ක්‍රීඩකයෙක්  තමන්ට අසනීප බව කියමින් තරග  සංචාරයෙන් ඉවත් වන ප්‍රකාශ කර  තිබේ.

මෙම  තත්ත්වය  තුළ නැවත  මෙම  තරග  සංචාරයට ශ්‍රී  ල‍‍ංකා  සහය  දිවීමේ  කණ්ඩායම  සහභාගි  කිරිමට  දැරූ උත්සාහය  අත් හැර  දැමීමට සිදුවූ බව ශ්‍රී  ලංකා  මලල  ක්‍රීඩා  ආයතනයේ ප්‍රධාන  ලේකම්  සමන් කුමාර  ගුණවර්ධන  මහතා  පැවැසීය.

බහාමාස් හිදී සෙනසුරාදා  හා ඉරිදා (4 - 5) පැවැත්වෙන  ලෝක  සහය  දිවිමේ  තරගාවලියට  ක්‍රීඩකයන්  පස් දෙනෙකු හා පුහුණුකරුවකුගෙන් සමන්විත  ශ්‍රී  ලංකා  කණ්ඩායමක් සහභාගි  කිරිමට  ශ්‍රී  ල‍‍ංකා මලල  ක්‍රීඩා  ආයතනය  තීරණය  කළේය. එහෙත්  පෙරේදා (1) වාර්තා වූයේ බහාමාස්  දක්වා ගමන් ගැනීමේදී  ඇමරිකාව හරහා  යාමට ශ්‍රී  ල‍‍ංකා සහය  දිවිමේ  කණ්ඩායමට විසා නිකුත් කිරීම කොළඹ පිහිටි  ඇමරිකානු තානාපති  කාර්‍යාලය ප්‍රතික්ෂේප  කළ බවයි.

මෙම තත්ත්වය  තුළ  විකල්ප ක්‍රියා මාර්ගයකටද කාලයක් නොවන  බැවින් බහාමාස්  තරග සංචාරය  අත් හැර දමන බව ශ්‍රී  ල‍‍ංකා  මලල  ක්‍රීඩා  ආයතනය  ප්‍රකාශ කළේ පෙරේදාය.

එහෙත්  එම  තත්ත්වය  දැන ගැනීමෙන් පසුව  ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු  මහතා  කොළඹ පිහිටි ඇමරිකානු තානාපති  කාර්‍යාලයේ  ප්‍රධානීන්  ඇමතීමෙන් පසුව ශ්‍රී  ලංකා  සහය  දිවීමේ  කණ්ඩායමට  හදිසි  අවශ්‍යතාවයක් ලෙස සළකා  වීසා නිකුත්  කිරිම සදහා  ඊයේ  උදෑසන  තානාපති  කාර්‍යාලයේ  පෙනී සිටින ලෙස දැනුම්දී  තිබේ. ඊට සහභාගි  වෙමින් සිටින  අතර  තානාපති  කාර්‍යාලයේදී ක්‍රීඩක කාලිංග  කුමාරගේ  හදිසියේ  පවසා ඇත්තේ  තමන් අසනීප තත්ත්වයකින් පෙළෙන බවයි. තමන් ස‍‍ංචාරයෙන්  ඉවත් වන් බවත්  එහිදි  ඔහු  පවසා තිබේ.

උද්ගතවූ  තත්වය පිළිබඳව අදහස් දැක්වූ මලල  ක්‍රීඩා  ආයතනයේ  ලේකම්  සමන් කුමාර ගුණවර්ධන  මහතා මෙය පැරිස්  ඔලිම්පික්  නිර්දේශ  ලබා ගැනීමට  යන ලෝක තරගාවලියක්  වන බැවින්  විකල්ප ක්‍රීඩකයකු ආදේශ  කිරිමට  ගන්නා උත්සාහය  සාර්ථක  නොවන බව පැවසීය. ඔහු  වැඩිදුරටත්  පැවැසුවේ මෙම සිදුවීමෙන් පසුව අසනීපව සිටින  බව කියන කාලිංග  කුමාරගේ විශේෂ  වෛද්‍ය  පරීක්ෂණයකටද ලක් කළ බවයි.

මේ අතර ක්‍රීඩා  ඇමැති හරීන් ප්‍රනාන්දු  මහතා වැඩිදුරටත්  ක්‍රීඩා  අධ්‍යක්ෂ  ජනරාල්  මහාචාර්ය  ෂේමාල් ප්‍රනාන්දු  මහතාට උපදෙස්දී  ඇත්තේ වියදම් ගැන නොසිතා මෙම  තරග සංචාරය සාර්ථක  කර ගැනීමට ක්‍රීඩා  අමාත්‍යාංශයෙන් ලබා දිය හැකි සියලු  පහසුකම්  ලබා දෙන ලෙසයි.

ජුලි  මාසයේදී  ආරම්භ  වන පැරිස්  ඔලිම්පික්  උලෙළ  සදහා බහාමාස්  ලෝක  ශුරතා තරගාවලියේ මිටර් 400 × 4 (පිරිමි) සහය  දිවීමේ  ඉසව්වෙන් නිර්දේශ  ලබන  කණ්ඩායම් 16 න් 14 ක්ම තෝරා  ගැනේ. 


අදහස් (0)

තානාපති කාර්යාලය හා කියද්දී ක්‍රීඩකයා බෑ කීමෙන් ගමන කොට උඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.