Last Update  :  2024-05-06 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තරුෂිගෙන් රන් පදක්කමක්

තරුෂිගෙන් රන් පදක්කමක්

editorial - 2023 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දකුණු කොරියාවේ යෙචියොන් නුවරදී දැන් පැවැත්වෙන 20 වැනි ආසියානු වයස 20 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න මීටර් 800 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අද (5) සමත් වූවාය.

මෙම ඉසව්වට සහභාගි වූ කසකස්ථාන චීන, කොරියානු ආදී රටවල් ගණනාවක ප්‍රබල ක්‍රීඩිකාවන් පරාජයට පත් කරමින් විනාඩි 2. තත්පර 05.63 ක කාලයක් වාර්තා කරමින් තරුෂි මෙහිදී රන් පදක්කම දිනා ගත්තාය. 19 හැවිරිදි මෙම ක්‍රීඩිකාව වලල ඒ. රත්නායක මැදි විදුහලේ සිසුවියක් වන අතර ඇය මෙම තරගාවලියේ දී හිමිකර ගත් දෙවැනි පදක්කම මෙයයි.

ඊයේ (4) ඇය මීටර 400 (කාන්තා) ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්වූවාය. විස්තර වාර්තාව ක්‍රීඩා පිටුවේ පළවේ.

- 223


අදහස් (1)

තරුෂිගෙන් රන් පදක්කමක්
  • SUNIL MILANO Monday, 05 June 2023 07:22 PM

    අපේ මව්බිම රනින් සැරසූ ඔබට මාගේ හදවතින්ම පුදන ප්‍රණාමය දුවේ...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.