Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ )
දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී අද (3) නිමාවට පත්වූ 103 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය එකම තරග නව වාර්තාවකට පමණක් සීමා විය. ඒ රිටි පැනීම (පිරිමි ) ඉසව්වෙන් යුද හමුදා ක්‍රීඩක අරුන්තවරාස පුවිතරන් මීටර 5.05 කට පෙරේදා (2) පිහිටුවීමට සමත්වූ එහි නව වාර්තාවයි.
මෙහි ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්නේද පුවිතරන්ය. ඒ මීටර 5.17 (2024) කටය. පැවැති ඉසව් බහුතරයක ජයග්‍රාහණ ජාතික මලල ක්‍රීඩා සංචිතයේ කල් ගෙවන පළපුරුදු ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් අත් කර ගැනීමට සමත් විය.
තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා වූයේ මීටර 100 (පිරිමි) ඉසව්ව තත්පර 11.79 කට පෙරේදා ජය ගත් යුද හමුදා ක්‍රීඩක චමෝද් යෝධසිංහ විසිනි. එහිදී වේගවත්ම ක්‍රීඩිකාව වූයේ අමාෂා ද සිල්වාය. මීටර 100 (කාන්තා) ඉසව්ව තත්පර 11.79 කට ජය ගත් ඇයැද යුද හමුදාවේ ක්‍රීඩිකාවකි.
හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වේදී ගුවන් හමුදා ක්‍රීඩක රුමේෂ් තරංග මීටර 82.36 කට එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකායාට සම්මාන ලබමිනි. ඔහු එළඹෙන ටෝකියෝ (2025) ලෝක මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේශ ලබා ගැනීමට අපේක්ෂාවෙන් පසු වන ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකි.
ජර්මනියේදී නොබෝදා මීටර 10,000 හා මීටර 5,000 යන කාන්තා ඉසව් දෙකේම නව ශ්‍රී ලංකා වාර්තා සතු කර ගත් යුද හමුදා ක්‍රීඩිකා රසාරා විජේසූරිය දියගම තරගාවලියේදී එම ඉසව් දෙකේම ජයග්‍රාහිකාව වූවාය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය මීටර 400 ක්‍රීඩිකා නදීෂා රාමනායක විසින් දිනා ගන්නා ලදී. ඇයද යුද හමුදා ක්‍රීඩිකාවක් වන අතර ඇයගේ තරග කාලය තත්ත්පර 52.86 කි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.