Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තරංග - ඉරේෂා රන් පදක්කම් දිනාගනිති
33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා

තරංග - ඉරේෂා රන් පදක්කම් දිනාගනිති

editorial - 2021 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සිට කළුතර දක්වා පැවති 33 වැනි ජාතික යොවුන් මැරතන් (පිරිමි) තරගයේ ජයග්‍රහණය මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුණු තරංග හල්පගේට අද (12) හිමිවිය. ඒ පැය 2 විනාඩි 37.29ක කාලයකින් ධාවනය අවසන් කරමිනි.

තරංග පූර්ණ මැරතන් තරගයක් ජයගත් පළමු අවස්ථාව මෙයයි. වසර 2016 පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ඔහු සිය පළමු මැරතන් තරගයට සහභාගි වෙමින් 11 වැනි ස්ථානය ලබා තිබේ.

දිගු දුර ඉසව් ධාවන ශූරයකු ලෙස මීට පෙර වසර තුනක දී ජාතික යොවුන් ක්‍රීඩා මීටර් 10000 (පිරිමි) ඉසව්ව ජයගෙන තිබේ. පුහුණුකරු ආනන්ද බණ්ඩාර මහතා යටතේ මැරතන් පුහුණවීම් හදාරන තරංග මීටර 5000 හා මීටර 10000 පිරිමි ඉසව්හි දකුණු පළාත් වාර්තාලාභී ශූරයා ද වේ.

ජාතික තරුණ සේවා සභාව මෙම වසර සඳහා සංවිධානය කරන 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ මැරතන් තරගාවලිය අද (12) කොළඹ ගාලු මුවදොර පිටිය අසලින් ආරම්භව ගාලු පාර ඔස්සේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලින් අවසන් කෙරුණි.

මීට සමගාමීව ගාලු මුවදොර පිටියේ සිට මොරටුව දක්වා කිලෝමීටර් 21 කින් සමන්විතව පැවති අර්ධ මැරතන් (කාන්තා) තරගයේ රන් පදක්කම අද දිනා ගත්තේ කළුතර දිස්ත්‍රික්කයේ ඉරේෂා  ප්‍රනාන්දු ක්‍රීඩිකාවයි.

ඒ පැය 1 විනාඩි 34 තප්පර 30ක කාලයක් ගෙවමිණි. දේශීය පිරිමි මැරතන් තරගයක් සංවිධානය වූයේ 2020 වසරේ මැයි මාසයෙන් පසුවය. ඒ කතරගම දී පැවති 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් තරගාවලියෙන් පසුවය. මෙරට මැරතන් (පිරිමි) ඉසව්වේ ජාතික වාර්තාව පැය 2 විනාඩි 13 තත්පර 47 කට (ලන්ඩන් මැරතන් - 2015) පිහිටුවා ඇත්තේ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ විසිනි. යොවුන් ක්‍රීඩා මැරතන් ජයග්‍රාහකයින්ට රුපියල් 25,000 සිට ත්‍යාග මුදල් ප්‍රදානය කෙරේ.

 

33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා

මැරතන් තරගාවලියේ ප්‍රතිඵල

පිරිමි (පූර්ණ මැරතන්)
1. එච්.එච්.ඒ. තරංග (මාතර – පැය 2 විනා 37.29)
2. ෂසේන් මාලක (ගම්පහ – 2.39.39)
3. පී.කේ. නිරෝෂ් අංජුල (කළුතර – 2.52.08)
4. සජිත් මහේන්ද්‍ර (කුරුණෑගල – 2.59.10)
5. එස්.පී.එස්.ඩී. විජේතුංග (අනුරාධපුර – 3.20.42)
6. සිල්වෙස්ටර් තෝමස් චාල්ස් (නුවරළිය- 3.46.51)
7. බාලවිග්නේෂ්වරන් සෙල්වකුමාර් (නුවරඑළිය – 4.01.27)
8. අපර්ණ සංජය (මොනරාගල – 4.02.28)
9. මාලින්ද්‍ර රූපසේන (අනුරාධපුරය 4.03.80)
10. අරුලාසන් තමිල්වෙන්තර් (මන්නාරම – 4.11.49)


කාන්තා (අර්ධ මැරතන් - කිලෝමීටර 21)
1. ඉරේෂා ප්‍රනාන්දු (කළුතර – පැය 1 විනාඩි 32.37)
2. ඩබ්.එම්. ගයානි බුද්ධිකා (ගම්පහ – 1.34.30)
3. හිරුෂි දිල්මිණි සුදසිංහ (මාතර 1.38.47)
4. මධුභාෂිණි වික්‍රමසිංහ (කොළඹ – 1.42.27)
5. චතුරිකා සඳරුවනි මාරසිංහ (කොළඹ – 1.42.27)
6. හෂිණි මධුෂිකා (ගාල්ල – 1.48.19)
7. අයේෂා සඳුණි (කුරුණෑගල – 1.53.21)
8. දිල්රුක්ෂි සමරකෝන් (බදුල්ල – 1.54.28)
9. මෝසස් රාගිනි (නුවරඑළිය 1.54.32)
10. සයුරි නිසංසලා (කොළඹ – 1.59.56)


අදහස් (0)

තරංග - ඉරේෂා රන් පදක්කම් දිනාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.