නව වාර්තා 16 ක් සටහන් වෙමින් දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ දී 51 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් අන්තර් පාසල් මලල ක්‍රීඩා (කනිෂ්ඨ) තරගාවලිය නිමාවට පත්විය.. මෙම තරගාවලිය සඳහා පාසල් 740කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3500 ක් පමණ සහභාගී වූහ. තරගාවලියට රිස්ට්බරි චොක්ලට් සන්නාමය යටතේ සී.බී.එල්. ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් ආයතනය තරගාවලියට අනුග්‍රහය දැක්වීය.


සමස්ත බාලක ශූරතාව දිනාගත් වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල හා බාලිකා සමස්ත ශූරතාව දිනාගත් මීගමුව ආවේ මරියා කන්‍යාරාමයට උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ සී.බී.එල්. ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් ආයතනයේ සාමාන්‍යාධිකාරී (අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා අතින් ශූරතා කුසලාන ප්‍රදානය කළ අවස්ථාව. ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ආචාර්ය කුරල් ප්‍රනාන්දු මහතා ඇතුළු එහි නිලධාරීහු ද ඡායාරූපයේ වෙති.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.